සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් පිරිසෙන් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
මාස 10 කට පමණ පසුව යුක්රේනයේ සිට පැමිණි සංචාරකයෝ 185 ක් පමණ විශේෂ ගුවන් යානයකින් පසුගිය 26 වැනිදා මත්තල ගුවන් තොටුපොළට පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කෝවිඩ් ප්‍රවර්ධන සංචාරක ව්‍යාපාරයක් " ආරම්භ කරලා වගේ. රටට හෙන ගැහුවත් මොකද අතට කීයක් හරි එනවා නම් නේද?
ආණ්ඩුව කතාකරලාම කෝවිඩ් ගෙන්නගන්න හදනවා. නැවතත් අලුත් පොකුරක් නිර්මාණය වන ලකුණු පෙනේ...
අපෝ, විදේශිකයෝ ලංකාවට රැගෙන එන කොරෝනා ගැන එතරම් බය වෙන්න එපා. ඒවා "ස්පෙෂල් කොරෝනා" ලාංකිකයෝ වගේ "ලෝකල් කොරෝනා" නෙවෙයි එයාලා අරගෙන එන්නේ. මේ වගේ දීන ජාතියක් මම නම් මේ ලෝකේ කොහේදිවත් දැකලා නැහැ. තව කොහෙද ලෝකයේ සංවර්ධිත රටක සුද්දෝ ටිකක් ලංකාවට ගොඩ බැස්සා නම් එහෙම...
දැන් ඉතින් කන්දකාඩු වල ලස්සන විතරක් බලලා යන්න තමයි වෙන්නේ...
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවා කියන්නේ මේකට තමයි. රටේ ආර්ථිකය තියාගන්න ඕනෑ. හැබැයි කොරෝනා ලෙඩෙක් වෙනුවෙන් රජය වියදම් කරන මුදලයි, මේ සංචාරකයෙක් ලංකාවේ කරන වියදමයි බැලුවා නම් මේක මේ වෙලාවේ මොනවගේ මෝඩ තීරණයක් වෙයිද දන්නේ නෑ.
අලුත් වයිරසය වේගයෙන් බෝවුනොත් මොකද කරන්නේ? මොට්ට වැඩ කරන්න එපා. මේ කියන්නේ ආණ්ඩුවට...
3 දෙනෙකුට කොරෝනා නම් අනෙක් කට්ටිය ගැනත් ඇහැ ගහගෙන ඉන්න. මොකද කට්ටිය ආවේ එකම බෝට්ටුවෙන්නේ...
ඒ කියන්නේ තවත් පොකුරක්ද?
ඉල්ලන් කනවා කියන්නේ ඕකට... ඕක කොරෝනා ප්‍රභේදයක් වුණොත් ගොඩක් හොඳයි. පව් මගේ රටේ මිනිස්සු. පාලකයින්ගේ වැඩ...
දැන් නිරෝධායනය රජයේ වියදමින්ද, නැත්තම් සංචාරකයාගේ මුදලින්ද, දැන් අනධ්‍යන නිතීවලට අනුව සංචාරකයන් එනකොට, වෙනම වාහනවල එයාලා අරගෙන යනවලු.. ඒ ඒ තැන් පෙන්වන්න. එතකොට, එයාලාට පාවිච්චි කරන්න.
කොහේවත් යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ, කනවෝ කියන්නේ මේවට...
වහාම ඒ රටටම යවන්න. අපි නොවෙයි ඔය ලෙඩ හිඟන්නන්ව මෙහෙට ගෙන්න ගත්තේ... ලෝක හොරුන් එක්කම කට්ටියව ආපසු යවන්න.
ලංකාවේදී ආසාදනය වෙන්නට පුළුවන් ඉඩක්ද තියෙනවා. දැනට තියෙන තත්වය අනුව පැණිය බොන්න දුන්නේ නැතිද?
අපේ සර්, තමුන් එක්ක මිග් යානා ඩීල් එක ගහපු උදයංග ලොක්කා එක්ක ආයෙත් අලුත් සෙල්ලමක් දාන්න ගිහින් අතේ පත්තු කරගත් වග මෙයින් දන්වා සිටිමි.
සංචාරක ඇමැතිතුමෝ දැන් සැපද?
කුම්බලා මාළු කෑවා නම් විඳවපල්ලා...
ඒක හොඳයි... පිටරට අනාථ වෙලා ඉන්න ලංකාවේ අයව ගෙන්න ගන්න බැහැ. සර් තාම ෆේල්...
කොරෝනා තියෙන විදේශියකයන් ගෙන්නන්න පුළුවන්... කොරෝනා නැති ලංකාවේ මිනිස්සුන්ට ලංකාවට එන්න දෙන්නේ නැති රටක්...
ඔයිට නරකද? සංචාරක හෝටල්වලට ඔය ආණ්ඩුවෙ නායකයන් කළින් හොරාකාපු සල්ලි දීලා හෝටල් සේවකයන් නඩත්තු කළා නම්...? එහෙනම් මෙහෙම සංචාරකයෝ ගෙන්නගෙන රට අවදානම් නොකර ඉන්න තිබ්බනේ...
එහෙන් හදාගෙන ඇවිත්ද? මෙහෙදි හැදිලද?
අහක යන (ලෙඩ) නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කිව්වලු.
නන්දසේන ඇතුළු මෙ රජයේ ගොන් වැඩ නවතින්නේ කවද්ද?රුසියා කලාපයේම කොරෝනා තදින් පැතිරිලා තියෙන වෙලාවෙ , සංචාරකයෝ ගන්නේ කාගෙ වුවමනාවකටද? කිසිම දැක්මක් විතරක් නොමෙයි මොලේ කළදක් නැති රජයක්...
මේක හරියට " කොරෝනා ප්‍රවර්ධන සංචාරක වැඩ පිළිවෙලක්" වගෙයි පෙනෙන්නේ. යුක්රේනයෙන් අද කොරෝනා ආනයනය කලාට මීට කලින්නන් සමහරුන්ට "කල්ප වෘක්ෂ" තමා පහල වුණේ...
කොරෝනා ආවට කමක් නැහැ. රටට සල්ලිත් එනවනේ. අපේ පැණිය පොවලා මෙයාලව සනීප කරලා අරින්නත් ඇහැකි නේ..
ආශ්‍රිතයන් නිරොධායනය කරන්නේ කවද්ද? අහස් යානයේ හිතපු අනිත් මගීන් ආශ්‍රිතයින් නේද? උදයංගට බයද?