IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යුක්රේන තරුණිය ඔහිය බිංගෙයක හැපේ

(සමන් පාලිත නානායක්කාර)

කොළඹ සිට බදුල්ල බලා අද 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක ඕහිය පට්ටිපොළ අතර පිහිටි බිංගෙයක හැපී දුම්රියෙන් බිම ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය පවසයි.

ඕහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන දෙක අතර දහනම වැනි බිංගෙයේ හැපීමෙන් පසු මෙම තරුණිය බිම ඇද වැටී බරපතල තුවාල ලබා ඇතැයි ද ඇය එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් ගිලන් රථයකින් දියතලාව මූලික රෝහලට රැගෙන ගොස් ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය.

මෙරට සංචාරයක පැමිණ කොළඹ සිට පවුලේ ඥාතීන් සමඟ ඇල්ල බලා ගමන්ගත් විසිතුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක මෙසේ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මීට සති දෙකකට පමණ පෙරද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විදේශික පුද්ගලයකුට මේ ආසන්න බිංගෙයක් අසල මාරක අනතුරක් සිදුවූ බවද හපුතලේ පොලීසිය පැවසීය.

 



අදහස් (5)

යුක්රේන තරුණිය ඔහිය බිංගෙයක හැපේ

Nimal 1 Saturday, 15 June 2024 09:20 PM

මෙවැනි අනතුරු දැන් හරිම සුලභයි. දුම්රිය නිලධාරීන් පව් මෙයට වඩා සැලකිලිමත් විය යුතුයි

:       0       4

Kuma Saturday, 15 June 2024 10:28 PM

දැනුවත් කිරිම තමයි වෙන්න ඕනැ. දෙවනුව අනතුරු වෙන්ඩ පුළුවන් බිංගෙවල් වල ආරක්ෂාවට පිලියමක් යොදමු

:       0       5

චන්දිම Saturday, 15 June 2024 11:59 PM

වෙලා තියෙන්නේ අපේ රටට එන සංචාරකයන් හිතන්නේ අපේ උමං මාරග වල මෙවැනි අනතුරුදායක පටු තැන නැතුව ඇති කියලා. අදාළ බලධාරීන් දැන්වත් සංචාරක මාරගොපදේශ වල මේ අනතුරුදායක තත්වය පහදා දිය යුතුයි. දුම්රිය තුළ මේ ගැන දැන්වීම් ප්පලාකාර තිබිය යුතුයි.

:       0       15

බණ්ඩා Sunday, 16 June 2024 01:14 AM

විදේශීය හෝ දේශීය වේවා, කිසිම අයෙක් උපදෙස් හෝ නීතී පිලිපැදීමක් නැති බව පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වුවත් මහජන සේවාවක් හෝ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ඕනෑම අයෙකුට හෝ ආයතනයකට තම සේවාව ලබාගන්නා පාරිභෝගිකයා වෙනුවෙන් වගවීමක් පැවරී තිබේ. දිනෙන් දින ඉහල යන දුම් රිය අනතුරු පිලිබඳ වගකීම අකමැත්තෙන් වුවද දැන් දුම්‍ රිය දෙපාර්තමේන්තුව භාරගත යුතුය​. එය ඔවුන් සතු වගවීම සමග ජාත්‍යන්තර නීතී මගින් බැඳී පවතින්නකි. ඒ වගකීම ඔවුන් දැන්වත් ඉටු කල යුතුය. නව නීති රීති සහ ක්‍රියාමාර්ග ගෙන අනතුරු යම් කාල රාමුවක් තුල අවම කිරීමට ක්‍රියා කල යුතුය​. නැතහොත් දුම්‍ රිය සේවය පුද්ගලික අංශයට බාරදී ගෙදර යා යුතුය​.

:       0       15

Perera Monday, 17 June 2024 06:03 AM

ඔලුව කලු ගල් වල වැදුනම මොලේ හොඳට පෑදෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site