IMG-LOGO

යුක්රේන ජනපතිගේ ඉල්ලීමට ’නේටෝ’ බෑ කියයි

යුක්රේනයේ නගරවලට රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාර නැවැත්වීමේ අරමුණින්, යුක්රේනයට ඉහළ අහස රුසියාවට තහනම් කරන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නේටෝ සාමාජික රටවලින් ඉල්ලා සිටි නමුත්, නේටෝ නායකයෝ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.

නේටෝ නායකයන් ගත් එම තීරණය යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ දැඩි අප්‍රසාදයටත් හේතුවක් විය. ගුවන් තහනමක් පැනැවීමට නේටෝ සංවිධානය අදිමදි කිරීමෙන් පෙනී යන්නේ රුසියාව යුක්රේයේ නගර ඉලක්ක කරමින් එල්ල කරන ෂෙල් වෙඩි සහ මිසයිල ප්‍රහාරවලට අනුබල දීමක් යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී නේටෝ නායකයන්ට දොස් නගමින් පැවැසුවේය.

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවාගත් සංවිධානයකි.

රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදය යුද ගැටුමක් තෙක් වර්ධනය වී ඇත්තේ ද බටහිර හිතවාදී ප්‍රතිපත්ති ඇති යුක්රේන රජය, නේටෝ සංවිධානයට සමීප වී කටයුතු කිරීමය. යුක්රේනය නේටෝ සාමාජික රාජ්‍යයක් නොවුවත්, නේටෝවේ සාමාජිකත්වය අපේක්ෂාවෙන් පසුවෙයි. මෙය රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පුටින්ගේ පිළිගැනීම වී තිබේ.

යුක්රේනයට ඉහළ අහස තහනම් ගුවන් කලාපයක් කිරීම රුසියාව ප්‍රකෝප කිරීමට හේතුවක් වනු ඇති බවත්, එවිට නේටෝ රටවල් සහ රුසියාව අතර දරුණු අර්බුයක් නිර්මාණය වී තෙවැනි ලෝක යුද්ධය තෙක් එය දුරදිග යනු ඇති බවත් නේටෝ නායකයන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට දිගින් දිගටම පැහැදිලි කර ඇත.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (2)

යුක්රේන ජනපතිගේ ඉල්ලීමට ’නේටෝ’ බෑ කියයි

Rohana Sunday, 06 March 2022 02:46 PM

රුසියාවට බය නේටෝ පසුපස ගොස් අතරමං වෙන්න එපා...

:       9       121

මෝ Sunday, 06 March 2022 07:09 PM

අසල් වැසියා සමග සමාදානයෙන් ඉන්න කියන්නේ ඕක තමයි. පොර ටෝක් දෙන වටේ අය මෙහෙම වුණාම කොහෙද කියලා නෑ...

:       0       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 179 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site