(යොහාන් භාසුර)
පාතාලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමෙ පළමු දින නවය තුළ සැකකරුවන් 17,837 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 850 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
සැකකරුවන් 186 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 1,187ක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද එම අමාත්‍යංශය කීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4,665 අතුරින් සැකකරුවන් 1,375 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.
එම දින නවය තුළදී හෙරොයින් කිලෝ 10 යි ග්‍රෑම් 510 ක්, අයිස් කිලෝ 6 යි ග්‍රෑම් 740 ක්, ගංජා කිලෝ 288 යි ග්‍රෑම් 500 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය ද විශාල ප්‍රමාණයක් සහ මත්පෙති 71,271 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම හාල් මැස්සෝ... තෝරු, මෝරු පොලිසියත් එක්ක කකා බිබී නිදැල්ලේ...!
එතකොට මෙච්චර කල් මේ අය කාගේ අනුහසින්ද වැඩේ කරගෙන ගියේ? පේන්නේ නම් අහුරුකුක්කෝ තමයි අහුවෙලා ඉන්නේ...!