(ගයාන් සූරිය ආරච්චි)
යුක්තිය මෙහෙයුම යටතේ ඉකුත් පැය 24 ට සැකකරුවන් 955ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මත්පැති 1403 ක්, හෙරොයින් ග්‍රෑම් 435 ක්, අයිස් ග්‍රෑම් 261 ක්, තුල් ග්‍රෑම් 448 ක් , ඇෂ් ග්‍රෑම් 118 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් ද්‍රව්‍ය උවදුර මුළුමනින්ම මේ රටෙන් තුරන් කිරීම කළ යුතුයි.ඒත්,පාර්ලිමේන්තු වරප්‍රසාද ලත් අය ගැන කිසිදු සෙවීමක් බැලීමක් නැහැ.නීතිය ලොකු පොඩි කාටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි නේද ? පොඩි එකාට මෙන්ම ලොකු අයටත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි නේද ?
රංජන් රාමනායක වරක් ප්‍රසිද්ධියේ කිව්වා, රටේ මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයගෙන් දහ පහලොස් දෙනෙක් පාර්ලීමේන්තුව ඇතුලේ ඉන්නවා කියලා. ඒ නිසා දේශබන්දුටයි එයාගේ කුඩු හොයන්න රඟන පොලිසියටයි කරන්නේ තියෙන්නේ බොරුවට හැංගි මුත්තන් කෙළින්නේ නැතුව ඇත්තටම රටට කුඩු ගෙන එන්නේ කවුද කියලා නොදන්නවා නම් රංජන්ව හමුවෙලා විස්තර ඉල්ලාගෙන අත් අඩංගුව ගන්න, එහෙම නැතුව රටට පෙනෙන්න නාඩගම් නටන්නේ නැතුව.
අද මේ රටේ මාධ්‍ය සදාචාරය අන්තයටම පිරිහිලා. අද සමහර මාධ්‍යවේදීන් තුළ ආචාර ධර්ම පද්ධතියක් ගැන වැටහීමක් නැති බව පෙනෙනවා. මේ වැටලීම් වලදී කෙරෙන නිවෙස් පරීක්ෂා කිරීම් වලදී කිසිඳු හිරිකිතයක් නැතිව සංස්කරණය නොකළ අනවශ්‍ය දේවල් සහිත දර්ශන පෙන්වනු ලබනවා. ඇතැම් නාලිකා රටේ නීතිය හා සදාචාරය අභිබවමින් ක්‍රියාකරනු ලැබීම දැකිය හැකියි. ඔවුන් චූදිතයින්, වැරැදිකරුවන් බවට පත් කිරීමට බොහෝ වෙහෙසෙන බව පෙනේ. ඒත් කිසියම් චූදිතයෙකු පිළිගත් අධිකරණයකින් වරදකරු වෙනතුරුම වරදකරුවෙකු නොවන බව මාධ්‍යකරුවන් වන අපද දැනගත යුතුයි. පසුගිය කාලේ මව මැරූ බවට දියණියව වරදකාරිය බවට පත්කළ ඇතැම් මාධ්‍ය ඇයට කළ අසාධාරණය සුළුපටු නොවේ. සැබෑ ඝාතකයා සොයා ගැනීමෙන් පසු හෝ එකී මාධ්‍ය රටෙන් ජනතාවගෙන් හෝ අදාළ කාන්තාවගෙන් හෝ සමාව ඉල්ලීමක් හෝ කනගාටුව ප්‍රකාශ කළ බවක් පෙනුණේ නැත.