IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’යුක්තිය’ තවත් 1500 ක් අත්අඩංගුවට ගනී

(යොහාන් භාසුර)

'යුක්තිය' මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1554 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 82 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (30) පෙරවරුවේ  පැවැසීය.

සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 62 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් එම අමාත්‍යංශය කියයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 128 ක් ද ඊයේ අත්අඩංගුවට ගත් බව කී එම නිලධාරියා එහිදී හෙරොයින් ග්‍රෑම්  590 ක්,  අයිස්   කිලෝ 1 යි ග්‍රෑම් 300 ක් සහ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 330 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය. 



අදහස් (6)

’යුක්තිය’ තවත් 1500 ක් අත්අඩංගුවට ගනී

Siri Saturday, 30 December 2023 03:41 PM

මේ පෙන්වන්නේ "පාස්කු ප්‍රහාරය සීසන් 2" ද ? ඡන්දයක් එනවා කියලා කිව් හැටියේම මේ වැඩේ ක්‍රියාත්මක වුණු නිසයි එහෙම හිතෙන්නේ...!

:       55       12

Perera Saturday, 30 December 2023 05:00 PM

මේවා බොරු මාධ්‍ය සංදර්ශණ... අපේ ගෙදර වැඩට ඉන්න කොල්ලාකඩේ ගිහින් ත්‍රිරෝදයක එනකොට පොලිසිය අල්ලන් මෙහෙයුම කියලා .... මම පොලිසියට ගිහින් බේරගත්තා. නිකන් බොරු සෙල්ලම්...

:       44       7

Bala Saturday, 30 December 2023 05:23 PM

ඡන්දය වුණත්, නැති වුණත් හොඳ දෙයක් නම් හොඳයි... නොකියා සිටීම කුහකකමක්...

:       3       55

PereraSaturday, 30 December 2023 08:45 PM

හොඳ දේට අපිත් හොඳයි කියනවා., මේක වැඩ බලන කෙනා ස්ථිර කරගන්න කරන ජවනිකාවක් බව බූරුවන්ට තේරෙන්නේ නැහැ. ඇයි කුඩු ගෙනාව අය, මහ මොලකාරයින්ව අල්ලන්නේ නැත්තේ? පොඩ්ඩක් හිතන්න මොලයක් ඔබලාට ඇත්තේම නැද්ද? 

:       0       0

SiriSunday, 31 December 2023 01:34 AM

සම්පූර්ණයෙන්ම එකඟයි. එහෙම වෙනවා නම් හොඳයි. නමුත් අවුලකට තියෙන්නේ මේ හදිස්සියේම ඇතිවෙලා තියෙන කුලප්පුව මොකද්ද කියන එකයි? මේ සියලුම වැටලීම් වලින් අල්ලාගෙන ඇත්තේ කුඩු කිලෝ 10ක් පමණයි. කියලයි ප්‍රවුර්තිවල කියන්නේ. ඒවාත් උසාවියට ඉදිරිපත් කරනකොට "පාන්පිටි" වෙන කතාවලුත් දැන් අසන්නට ලැබෙනවා. ලංකාවට මහා පරිමාණ කුඩු මුදලාලිලා මෙතෙක් කල් ගෙන්වලා තියෙන්නේ කුඩු කිලෝ 10 ක් විතරද? මේවා මාධ්‍ය සංදර්ශන විතරයි මහත්තයෝ...!

:       0       0

chandima Saturday, 30 December 2023 10:08 PM

තවම ඔය වැඩබලන එක ස්ථිර කරගන්න බැරිවුණාද? දැන් දවස් කීයද? අන්තිමේ ආයෙත් පාරේ ඉන්න අයගෙන් ගුටිකන්න වෙයිද මන්දා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site