(සුමිත් පොතුපිටිය) 

මෝටර් රථයක් දුම්රියක ගැටී පෙම් යුවළක් රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි .

මෙසේ රෝහල් ගතකර ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි ලබන මැයි මස විවාහ වීමට යෝජිතව සිටී පෙම් යුවක් බව පොලිසිය සදහන් කරයි .

මෝටර් රථය වාද්දුව පල්ලියමංකඩ අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී මරදාන සිට ගාල්ල බලා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇති බව පොලිසිය සදහන් කරයි .

මෝටර් රථයේ එන්ජිම ගැලවී විසිවී ගොස් තිබූ අතර , දුම්රියේ ගැටුන රථය යුවළ සමග මීටර් 30 ක් පමණ ඈතට ඇදී ගොස් තිබුණි .

තුවාල ලැබූ යුවල පානදුර රෝහලට රැගෙන ගොස් ඇති බවත් පිරිමි පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක (වැබ) ඩී ජයතිලක  මහතාගේ උපදෙස් පරිදි  උප පොලිස් පරීක්ෂක රොහාන් විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .