(රංජිත් රාජපක්ෂ)

අවිස්සාවෙිල්ල දක්වා ධාවන කල මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 පමන පුපාතයකට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමන් තිදෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ලක්ෂපාන ප්‍රදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු තුවාල කරුවන් දෙදෙනෙක් වැඩිදුර පුතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යැවු බව නෝටන්බිුජ් පොලිසිය පැවසීය.

මෙම අනතුර අද (23) පස්වරු 3.30 පමන  සිදුවී ඇත්තේ නෝටන්බිජ් ලක්ෂපාන පුධාන මාර්ගයේ 3 නේ කනුව ප්‍රදේශයේදීය.

අනතුරට හේතුව රියදුරට නින්දයාම නිසා බවට පොලීසිය සැකකරයි .අනතුරෙන් මෝටර් රථයටද දැඩි අලාභහානි සිදුවී ඇති බව  අනතුර පිලිබදව පරීක්ෂන පවත්වන නෝටන්බිජ් පොලිසිය  නිලධාරියෙකු පැවසීය