(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

​මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය.

ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව හිංකෙන්ද මහතා නගරාධිපති පදවියට පත් වූයේය.

නගරාධිපති පදවියෙන් ඉල්ලා අස්වීමට තමන් ගත්   තීරණය තම පෞද්ගලික තීරණයක් බවත් , ජාතික ජන බලවේගයේ දේශපාලන අධිකාරිය විසින් තමන් මීගමුව නගරාධිපති ධුරය සඳහා පත් කළා සේම, ඉදිරියේදී   නව නගරාධිපතිවරයකු පත් කරනු ඇති බව ද හීන් කෙන්ද මහතා ප්‍රකාශ කර ඇත.