
(අංජුල මහික වීරරත්න)
වසර තුනකට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මිණිපේ අමුණ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
ව්‍යාපෘතියේ සැලැස්ම පරීක්ෂා කළ ජනාධිපතිවරයා එහි ඉංජිනේරුවන්ගෙන් ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද කරුණු විමසීය.
ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙරට ඉංජිනේරු පීඨවල සිසුන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉංජිනේරුවන්ගෙන්ද ජනාධිපතිතුමා උපදෙස් ගන්නේ මේ ව්‍යාපෘතිවලට? හොඳ පරණ මේසන් බාස් කෙනෙකුට අත්වැඩ දෙන්න නම් හොඳයි ලංකාවේ ඉංජිනේරුවන්. ලංකාවේ බොහෝ පැතිවල පාරවල් උස්සලා මහා මාර්ග හැදුවා ලංකාවේ ඉංජිනේරුවන්ගේ මහා දැනුම් සම්බාරය මත... දැන් අර ගෙවල් ඔක්කෝම යටවෙනවා වැස්සට... පුළුවන්නම් ලංකාවේ මහලොකු ඉංජිනේරුවන්ව බංගලාදේශයට ගෙනිහින් ලබාදෙන්න එරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දැනුම...