ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මියගොස් ඇතැයි ඉරානය තරයේ කියයි. ඒ, ඔවුන් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් නිවැරදි ඉලක්කයට කරා ළඟා වූ බව පවසමිනි‍.

කුඩා දරුවන් අමු අමුවේ මරා දමන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මියගොස් නැති නම්, ඔහු මරා දමන තුරු ඔහු සොයා සොයා පහර දෙන බව ඉරාන විප්ලවීය හමුදාව ප්‍රතිඥා දී ඇත.

ඊශ්‍රායල ආරක්ෂක අංශ රැස්වීම් සඳහා ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහභාගී නොවන බව පැවැසෙයි. ඔහු මීට පෙර සියලුම ආරක්ෂක අංශ රැස්වීම් සඳහා සහභාගී වී ඇත.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු ආරක්ෂක හේතුන් මත සැගවී සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.