(ඉන්දිකා රාමනායක)
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් ගත් මාළු ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33-18 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය කියයි.
මොවුන් බස් රථයේ ව්‍යාපාරිකයා ගමන්ගත් ආසනයට ආසන්න අසුනක ගමන් ගත් දෙදෙනකු බව ද පොලීසිය සඳහන් කරයි.
ව්‍යාපාරිකයා බස් රථයෙන් ගමන් කරමින් සිටියදී කුරුණෑගල ප්‍රදේශයේ දී තමා ගේ මුදල් කිසිවකු විසින් සොරාගෙන ඇති බවට දැනගෙන කුරුණෑගල පොලීසියට කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර ඇත.
පොලිසිය පැමිණ සැකපිට කාන්තාවන් දෙදෙනා පරීක්ෂාවට කිරීමේදී ඔවුන් සතුව තිබී මෙම මුදල් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd