
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එදා මුළු රටම මරව් කියද්දී ජේ ආර් ජයවර්ධන මහතා ජනපතිකම අතහැර දමා ගෙදර ගියා දැයි මුදල් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රශ්න කළේය.
රටේ ප්‍රචණ්ඩත්වය වැපිරීමෙන් වළකින්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.
ගුණවර්ධන මහතා මෙසේ පැවසූවේ රටේ තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.
පවතින තත්වය යටතේ ඕනෑම අයකුට එක සිය දහ තුන සාදා පෙන්විය හැකි බවත් එසේ පෙන්නුව හොත් ඒ අයට ආණ්ඩුව ලබා දෙන බවත් ඔහු පැවසුවේය
ආණ්ඩුව අරගෙන හෙට විදුලිය ඉන්ධන ගෑස් ලබාදෙන්නැයි ඉල්ලා සිටින බවද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
මුදල් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීවේය.
ප්‍රචණ්ඩත්වයට අත වනන සහ අනුබල දෙන ක්‍රියා පිළිවෙත අප හෙළා දකිනවා.අද ඇතිවී තිබෙන දැවැන්ත ආර්ථික මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා.පාර්ලිමේන්තුවේ විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයත් මේ මූල්‍ය අර්බුදයට වගකිව යුත්තන් වෙනවා.ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා කියා ලෙඩුන්ට බෙහෙත් ලැබෙනවාද? දරුවන්ට කිරිපිටි ලැබෙනවා ද?
මෙය ජාතික අර්බුදයක්.අයවැය ලේඛනයේ හිඟ පියවා ගැනීම සඳහා හැම ආණ්ඩුවක්ම ණය ගෙන තිබෙනවා.මේ අනුව දිනෙන් දින ණය ගොඩ ගැහුණා.අප මීට පෙර දහසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ.ආර්. කියන්නේ පලපුරුදු දේශපාලනේ නායකයෙක්... ජී.ආර්. කියන්නේ සොල්දාදුවෙක්... මෙයාට ගෙදර යනඑක ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ.
මුළු රටම මරව් කිව්වේ නැහැ. කිව්වේ ජේවීපී විතරයි.
ජේ.ආර්. කියන්නේ පළපුරුදු මොලයෙන් වැඩකළ දේශපාලන නායකයෙක්...
සුදු ළුණු ගඳ දැනෙන්නේ මට විතරද?
JR horakawe naa yakowww waduru ponnaya enawa methana redihodanna
ජේ . ආර් . මැතිතුමා විතරක් නෙමෙයි , මෙතෙක් කල් රට බාර ගත්ත අය ජනතාවගේ බඩට මෙහෙම කලේ නැහැ .