
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට 72 වැනි වියේ පසු වූ ඒ මහතා ගොඩඋඩ කනිටු විද්‍යාලයෙන්, ගොඩඋඩ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව රජයේ නැටුම් හා මුද්‍රණ නාට්‍ය විද්‍යාලයට එක් විය.
සෞන්දර්ය අධ්‍යායන ආයතනයෙන් බිහි වූ ප්‍රථම ලලිත කලාවේදී උපාධිධාරි කණ්ඩායමේ සාමාජිකයකු වූ කෝට්ටේගොඩ මහතා 1978 දී කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශට බාහිර කථිකාචාර්යවරයකු ලෙසින් එක් වී පසුව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය පීඨයේ පීඨාධිපති මෙන්ම එහි උපකුලපතිවරයා ද විය.
සෞන්දර්ය අධ්‍යායන ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරයා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාද වන්නේ කෝට්ටේගොඩ මහතාය.
පහතරට නර්ථන සම්ප්‍රදාය මෙන්ම ශාන්තිකර්ම පර්යේෂණ ක්ෂෙත්‍රය වෙනුවෙන් පර්යේෂණ කෘති 30ක් එලි දක්වා ඇති අතර ඉන් බොහොමයක් රාජ්‍ය සහිත්‍ය සම්මානයට පාත්‍ර විය.
කලක් ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු, රාජ්‍ය උත්සව හා විදේශිය උත්සවවලදී නර්තන ඉදිරිපත් කළ අතර සිංගපූරුවේ ආසියානු අධ්‍යාපන විශිෂ්ඨතා සම්මාන උළෙලේ දී අධ්‍යාපන නායකත්ව සම්මානය හිමිකර ගත්තේය.
කෝට්ටේගොඩ මහතාගේ දේහය අද පෙරවරු 10.00 කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ගෙන එන අතර අවසන් කටයුතු අද පස්වරුවේ බොරලැස්ගමුව සුසාන භූමියේදී සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
Senarath Friday, 18 April 2025 08:53 AM
එතුමාට නිවන් සුව අත්වේවා