IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහවිලච්චියට නව ප්‍රා. ලේ කාර්යාලයක්

(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)

අභිනවයෙන් ඉදිකරන ලද මහල් දෙකකින් යුත් මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින විවෘත කෙරැණි.

මෙම ගොඩනැගිල්ල විවෘත කිරිමට සමගාමීව මහ විලච්චිය ප්‍රදේශයේ ගොවීන් 50 දෙනෙකු සදහා ඉඩම් බලපත්‍ර ලබාදීම ද සිදු කෙරිණි.

මෙහිදි අදහස් දැක්වු අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසිය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙ නායකත්වය යටතේ රට අවුලකින් අවුලකට නොයා ස්ථාවර රටක් බවට පත්කිරිමට හැකියාව ලැබුණා. මේ  නිසා ලෝකයේ රටවල් ශ්‍රීලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නට පටන්ගෙන තිබෙනවා.බොහෝ ඉක්මනින් ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි රටක් බවට ශ්‍රීලංකාව පිලිබඳව ලෝකය විශ්වාසය තබා තිබෙනවා”.

ඇති වූ ආර්ථික කඩා වැටීම යළි ගොඩනගන්නට සැලසුම් කිරිමේ දී ගොවිජනතාව කෙරේ මහත් විශ්වාසයක් තැබූ බවත් , එය එම ගොවි ජනතාවගෙන් ඉටු වූ බවත් , ඉදිරියට තව තවත් ඔවුන්ගේ එම ශක්තිය වැඩිදියුණු කිරිමට මෙවන් පහසුකම් සහිත රජයේ කාර්යාල ඉදිකිරිමෙන් හැකියාව උදාවන බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසිය.

ගොඩනැගිල්ල විවෘත කිරිමෙන අනතුරැව අගමැතිවරයා ප්‍රාදේශීය ලේකම් නිල කාමරයේ සමරු සටහනක් ද තැබීය.

අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන,ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන මහතවරැද මෙහිදි සභාව ඇමතු අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ උතුරැ මැද හිටපු මහ ඇමති එස්.එම්.රංජිත් සමරකොන්,හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ ඇතුළු දේශපාලන අධිකාරිය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර , උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ,අතිරේක දිස්ත්‍රික්ලේකම් වරුන් වන සන්ධ්‍යා අබේසේකර සහ ශාමිලා වික්‍රමආරච්චි ,  ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්,මහවිලච්චිය ප්‍රාදේශවාසින් ඇතුළු පිරිසක් මේ උත්සවය සදහා එක්ව සිටියහ.

         



අදහස් (2)

මහවිලච්චියට නව ප්‍රා. ලේ කාර්යාලයක්

තරිඳු Sunday, 16 June 2024 06:05 AM

මහල් දෙකක් විවෘත කරන්න ඇමැතිවරු අගමැති ඔක්කෝම ඇවිල්ලා...මෙයාලගේ වාහන ගාල් කරන්න වෙනම ඉඩමක් හොයා ගන්න වෙනවා....අයියෝ අපිව සුඛිත මුදිත කරන්න මෙයාලා දරණ වෙහෙසක්

:       5       9

nanda Sunday, 16 June 2024 06:49 AM

කලින් පාර්ලිමේන්තු බෙරිහන් දිපු හැටි අපිට නම්පමතකයි ලංකාවේ දේශපාලනය කියන්නේ ජනතාව මුලා කිරිමක්

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site