(නිමල් ජයරත්න)

මහවැලි රාජ්‍ය අමාත්‍ය ධූරය රොෂාන් රණසිංහගෙන් ගලවලා අහවල් කෙනාට ලබා දුන්නේ කෝටි 50ක් ලබාදීලාලු. ඒකට හේතු වුණේ රොෂාන් රණසිංහ මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය හිටියොත් අපේ අයියගෙ, දේශපාලනයට තර්ජනයක් වෙලා  අයියාගේ දේශපාලනය ඉවර වෙනවා කියලා යැයි හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය මාධ්‍ය රඅමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

මේ විදිහයට කෝටි 50කට ඇමතිකමක් විකිණෙන්නත් ඒ කෝටි 50 කවුද ගත්තේ කියලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

රොෂාන් රණසිංහ මහතා ඒ බව සඳහන් කළේ පොළොන්නරුව දිඹුලාගල සිරිපුර ඉසුරු හෝටලයේ දී 01 මැයි රැළියට සමගාමීව, ආකල්පමය වෙනසක්, ජාතික ප්‍රතිපත්තියක් යන මැයිෙන් පක්ෂ සංවිධායකයන් පළාත් සභා නියෝජිතයින් එක්ව සංවිධානය කර තිබූ මැයි රැලි රැස්වීම්කදීය.

ඒ වගේම වසර හැත්තෑ හතරක්ම රට පාලනය කරේ වයෝවෘද්ධ නායකයෝ. නමුත් මේ රටේ හොඳ බුද්ධිමත් තරුණ දේශපාලන නායකයින් ඉන්නවා, හොඳ ප්‍රායෝගික ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන් පිරිසක් සිටිනවා.
මේ රටවල් පාලනය කරන්න ඒ අයටත් අවස්ථාවව දෙන්න ඕනේ, ඉදිරි මැතිවරණ වලදී ඒ අයට අවස්ථාව ලබා දිය යුතුයි. ජාතික ආණ්ඩුවකට එකතු වීමට අකමැති අයකු වේනම් ඒ එකෙකුවත් ඊළඟ මැතිවරණයකදි පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා,

වෛරයෙන් ක්‍රෝධයෙන් කවුරු හරි කටයුතු කළොත් ඒ පුද්ගලයන්ට ඒ පක්ෂවලට හරියන්නේ නෑ. එහෙම ආණ්ඩුවක් කරනවා නම් පැවැත්මක් නැහැ, හැට නවලක්ෂයක් ඡන්දෙ දීපු අයට වසර එක හමාරකින් මේ ආණ්ඩුව එපා වුණා. ඒකට සාධාරණ හේතු ඇති. මම ගොවි ජනතාව සමග සිටින නායකයෙක් හැටියට ගොවීන්ගෙන් පත්වුණු නායකයෙක් හැටියට ප්‍රකාශයක් කරලා තන්තුරු අතහරින්න හේතුවුණේ ගොවිජනතාවට සිද්ධ වුණා ගැටළු නිසා, ගොවි ජනතාවට රසායනික පොහොර දෙන්න බැරිනම් කෙලින්ම කියන්න ඕනේ දෙන්න බෑ කියලා. මම වර්තමාන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට යෝජනා කළා ගොවියන්ට පොහොර දෙන්න බැරිනම් පෞද්ගලික සමාගම්වලින් පොහොර ලබාගන්න මුදල් හරි දෙන්න කියලා, ඒකට කීපදෙනෙක් කැමැත්ත පළ කලා, මේ ආර්ථික සමාජ විනාශයට,හැත්තෑ හතෙන් පසුව රට පාලනය කරපු හැම නායකයෙක්ම වගකියන්න ඕන. 

පාර්ලිමේන්තුවේ 225 අත්ර ඉන්නවා පාපැදියක් වත් නැතිව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය විවිධ ජාවාරම් කරලා හොඳ තැන්වල ඉන්නවා. පාර්ලිමේන්තුවේ හොඳ පිරිසකුත් ඉන්නවා නැතුව නොවෙයි, මේ රට ගොඩ ගැනීමටනම් අපි වගේම රාජ්‍ය සේවකයින්, මහජනතාව ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මේ රට ගොඩගන්න පුළුවන් හැබැයි ආකල්පමය වෙනසක් ඇති කරලා ජාතික ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාකළ යුතු යැයි ද රණසිංහ මහතා කීවේය.