IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මහියංගණයේදී මියගොස් මඩකලපුවේදී මිහිදන්වෙති

(වසන්ත චන්ද්‍රපාල)

මහියංගනය ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන්  මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද (18) මඩකලපුවේ ස්ථාන දෙකකදී සිදුකරනු ලැබීය.

මිය ගිය සියලු දෙනාගේ සිරුරු මඩකලපුව ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත ගෙනවිත් එහිදී ආගමික වතාවන් පවත්වනු ලැබීය.

මෙම අනතුරින් මියගිය ලිස්ටර් ඇලෙක්සෙන්ඩර්,නිසලි ඇලෙස්සෙන්ඩර්,පයිගා ඇලෙස්සෙන්ඩර්,හැනලි ඇලෙක්සෙන්ඩර් ,වෙලාන්ටන් ජොබ්ස් සහ සිල්වියා ජොබ්ස් යන අයගේ අවසන් කටයුතු මඩකලපුව කල්ලියාන් කාඩු කතෝලික සුසාන භුමියේදී සිදු කෙරිණි.

අනෙක් දේහයන් කන්නාමුනේ සැඩෝ දේවාස්ථානයේදී ආගමික වතාවත් පවත්වා  ජුඩ් හෙන්රි, මරියා හෙන්රි,සෙයිඩ් හෙන්රි,සෙරබි හෙන්රි යන එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් කන්නාමුනේ කතෝලික සුසාන භුමියේදී එකම වලක මිහිදන් කරනු ලැබීය.

 



අදහස් (4)

මහියංගණයේදී මියගොස් මඩකලපුවේදී මිහිදන්වෙති

sarath Friday, 19 April 2019 09:13 AM

මෙය රථවාහන දෙපාර්තමේන්තුවේ උත්තමයන්ගේ සහ ඔවුනගේ හෙන්චියන්ගේ උතුම් ක්‍රියාවල ප්‍රතිඵලයි එනම් පගාවට රියදුරු බලපත්‍ර දී මෙලෝ හසරක පාරේ නීතියක් ගැන අවබෝධයක් නැති මෙලෝ හසරක මිනිස් ජීවිතයක් ගැන අවබෝධයක් නැති සත්තු ටිකක් මහා පාරට මුදා හැරීමේ ප්‍රතිඵලයයි මේ........ මෙම උත්තමයන්ට ලැබෙන දඬුවම වලක්වන්න කිසිවෙකුට බැරි බව මතක තබා ගන්න

:       0       116

සුරංගSaturday, 20 April 2019 12:37 AM

ඔබ කියු දේ හරියට හරි

:       0       2

raviSaturday, 20 April 2019 10:45 AM

අවුරුදු 19ක කුලප්පුවෙච්ච හරකෙකුගේ වයසේ වූ මේ තරුණයාට වාහනයේ යතුර දෙන වෙලාවේ මේ වැඩිහිටියෝ මොනවද හිතුවේ කියලා.. අපිට හිතාගන්නත් අමාරුයි. මෙව්වාට තව හුඟාක් සැඟවුන හේතුන් ඇති .... සමහරවිට ඉදිරි පරීක්ෂණ වලදී අපිට ඒවත් දැනගන්න ලැබෙයි.

:       0       3

ravi Saturday, 20 April 2019 11:32 AM

වෙච්ච දේවල් වුණා... හුඟාක් කණගාටුවෙන් වුණත් අපිත් මේ සියලුදෙනා සමග කණගාටු වෙනවා. එ්ත් අපි අනාගතයට යම්කිසි දෙයක් මේකෙන් ඉගෙනගන්න ඕනේ... "කවුද වැඩිහිටියන් කියන්නේ..? මොනවද වැඩිහිටියන් වීමේ සුදුසුකම්..? අපි මොනවද වැඩිහිටියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.. විය යුත්තේ..? මේ වාහනයේ ගමන් කරපු වැඩිහිටියන් වගකිය යුතුයි.. !

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site