(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට හෙට (24) පෙරවරු 10.00 ට කැඳවා ඇත.
මේ පිරිස එම කමිටුව හමුවට මෙසේ කැඳවා ඇත්තේ වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
මහ බැංකුවේ ප්‍රධානීන් කැඳවීමට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පසුගියදා රැස්වී තීරණය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට මෙයට පෙරද කැඳවා කරුණු විමසන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd