IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මහීපාලගේ බිරිය නමින් වැව් රක්ෂිතයේ ඇති හෝටලය කඩන්න කියයි

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා  සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වගෙන යන  හෝටලය සහ පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් තුල කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ලිඛිතව හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට දැණුම්දි තිබේ.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරිම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ.

ඒ අනුව පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරිමේදි වැව් රක්ෂිතය තුලම හිටපු ආණ්ඩුකාර බිරිද හෝටලයක් ඉදිකිරිම සදහා කිසිදු නීතිමය ලියකියවිල්ලක් නොමැතිව අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරිමේ හේතුවෙන් එය කඩා ඉවත්කර ගන්නා ලෙසට දැණුම් දුන් බවත් දිසානායක මහතා පැවසිය.

මේවන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියළු මැණුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කොට තිබේ.

 



අදහස් (12)

මහීපාලගේ බිරිය නමින් වැව් රක්ෂිතයේ ඇති හෝටලය කඩන්න කියයි

Asela Sunday, 21 September 2025 09:18 PM

මහීපාලගේ බිරිඳ මේ හෝටලය හැදුවේ රෑට වගේ. රජයේ සේවකයෙකුගේ මැදිහත්වීමක් නැතුව හැමදේම කරලා ඉවර කරලා, ඒවා ගැන විමර්ශනය කරන්නේ නැත්නම්, අපිට රජයේ සේවක බලඇණි අවශ්‍ය ඇයි? ඒ කාලේ ලේකම්වරයා පියවරක් ගත්තේ නැත්තේ ඇයි, එතකොට ලේකම් කවුද, දැන් එයා කොහෙද ඉන්නේ? බොහෝ දෙනෙක් දේශපාලනඥයින්ට දොස් කියනවා, රජයේ කූඩැල්ලන් නැතුව කිසිම දෙයක් කරන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ද? කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ? ඇයි? ඡන්දදායක පදනම?

:       0       28

ගුණරත්න Tuesday, 23 September 2025 07:42 AM

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනස් වුනා ළඟකදී, එතකොට කිව්වේ යම් මුදලක් ගෙවා රක්ෂිතවල හෝටල් සෑදිය හැකිය කියල. එහෙම කලේ රට වටේ තියෙන තරමක් පොඩි හොටල සමහර විශාල හොටල තියෙන්නේ රක්ෂිත සීමාවේ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඒවාත් කඩා ඉවත් කරන්න ඕන

:       0       0

Perakum Liyanagama Sunday, 21 September 2025 10:31 PM

දූෂිත දේශපාලුවන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ අක්‍රමිකතා මෙතෙකැයි කියා නිමකල නොහැක. අදාල සියල්ලන්ට නිසි දඬුවම් ලැබෙනතෙක් අපි බලා ඉමු.

:       0       31

Nandalal DE SILVA - France Sunday, 21 September 2025 11:19 PM

අම්මා, අප්පච්චිගෙන් දෑවැද්දට ලැබුණු ඉඩමක ගෙ පොඩ්ඩක් හදාගත්තා වගේ මේ කපටි ජොඩුව නියමෙට හොටල් දමනකම්, හිටපු රජයන්, නිළධාරීන් නිදි වැදිලා හිටියා ද ? උන් හදපු අටමගල කුඩු කරාට මදි. ඒකෙ සියළුම ගල්, බදාම එතැනින් ඉවත් කර , එම ස්ථානය පිරිසිදුවම රජයට පවරා දීමටත්, උන් රංචුව කරපු මේ කුපාඩි වංචාවට සෑහෙන දඩුවම් දීමටත් අධිකරණය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු ...

:       0       30

Ajith Panagoda Monday, 22 September 2025 05:00 AM

මොහු සබරගමුවට කළ විනාශය බොහොමයි . ඉක්මනින් සොයා බලන්න.

:       0       31

Nimal 1 Monday, 22 September 2025 06:58 AM

නීතිය අතට ගත් මේ නීචයන් විසින් කරන ලද නින්දිත ක්‍රියා මේවාය.

:       0       30

ranjith Monday, 22 September 2025 07:39 AM

මේ මනුස්සයා 1990 කාලේ හිටපු හැටි ප්‍රදේශවාසීන් දන්නවා. එදා තත්ත්වය අනුව අද වෙනකොට තියෙන දේපළ බලන්න මෙහෙම හම්බ කරන්න පුළුවන්ද? මුලින්ම සමූපකාර දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා, එතනත් හොර කීවා. රට බංකොලොත් වෙද්දී මුන් රජ සැප වින්දා . මේ මිනිසුන්ගේ දේපළ පරීක්ෂා කර අයතා විදිහට උපයා ගත් දේපළ රාජ සන්තක කරන්න. වාසියට කාලෙකට UNP, කාලෙකට පොදු පෙරමුණ රට කපු හොරා තක්කඩි.

:       0       35

Dinuka Monday, 22 September 2025 08:23 AM

මෙයා පොහොසත් උන විදිය මේ පළාතෙ මිනිස්සු හොදට දන්නව

:       0       31

Casmir Monday, 22 September 2025 10:02 AM

ඇත්තෙන්ම මිනිස්සු චන්දය මලිමාවට දුන්නේ ඉස්සර හිටපු කාලකන්නි දේශපාලකයින්ගේ හොරකම් සහ මැරකම් හින්ද , හැබය් දැන් ඉන්න උනුත් දෙහ්ස්පලනයෙන් බයානක තැන් වලින් සල්ලි අරගෙන තියනබව හොදින්ම තේරෙනවා . අනිත් එක හැමවෙලාවෙම පළිගන්නේ එක කණ්ඩායමකින් ...

:       25       6

MindZap Monday, 22 September 2025 10:30 AM

මේ ගොඩනැගිල්ල වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනයට ගන්න.

:       2       17

don Monday, 22 September 2025 11:43 AM

මේක කඩන්න එපා. සියල්ල රජයට පවරාගෙන කුමක් හෝ ජනතා සේවයක් සදහා යොදාගන්න. ඒ වගේම ඔවුන්ගෙන් දඩ මුදලක් අයකර ගන්න.

:       0       12

රඹුක්කන ගේ Monday, 22 September 2025 03:13 PM

මහිපාල හේරත් මහතාගේ පමණක් නොව පුතුන්ගේ වත්කම් 1995 වසරේ සිට උපයාගත්ආකාරය සොයා සොරකම් කළ මුදල්. ආපසු රජයට පවරා ගතයුතු බව ජනතා මතය වේ... ජනතාවට දුන්පොරොන්දු ඉටුකිරිම රජයේ වගකීම වේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1776 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site