IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහනුවර සතර මහා දේවාලයන්හි කප් සිටුවයි

(චමිල් රුපසිංහ)

 මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය ඇරඹුම සඳහා සතර මහා දෙවාල වල කප්සිටුවීමේ මංගල්‍ය අද (21) සුබ මොහොතින් මහනුවර සතර මහා දේවාල වලදී සිදුවිය.
 
කප් සිටුවිමෙන් පසු සිව් මහා දේවාල වල අභ්‍යන්තර පෙරහැර දින 5 ක් පැවැත්වීමෙන්  පසු  මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍ය පළමු කුඹල් පෙරහර මෙම මස 25 වන දින විදි සංචාරය කිරිමට නියමිතය.
 
 අලුත්නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දෙවාල භුමියේ හටගත් “කප “(ඵල නොදැරු කොස් පැලය) පුරාණ චාරිත්‍ර සිදුකර  වන්නකුරාල  විසින් කපා ගත් කපා  සකසා අලුත්නුවර ශ්‍රි  දැඩිමුණ්ඩ දෙවාලයට ගෙනවිත් වතාවත් සිදුකර මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලය දක්වා කප් වැඩවීම (කල්ප වෘක්ෂ පෙරහර ) නමින් හදුන්වනු ලබයි.
 

එම පෙරහර ඊයේ (20) උදැසන 6 ට පමණ මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලයෙන් අරඹා මහනුවර  විෂ්ණුදේවාලය දක්වා ගමන්කළේය. එය  පුරාණ චාරිත්‍ර විධි අනුව උත්සවාකාරයෙන් අලි ඇතුන්ගෙන් සපිරි පෙරහරකින්( “ කල්ප වෘක්ෂ පෙරහර “ )  සිදුකරනු ලැබීය.
 
මහනුවර ශ්‍රි විෂ්ණුදේවාලයේ පල්ලේ දේවාලයට ගෙවදුණු  කප   පුද පූඡා පවත්වා ශ්‍රි විෂ්ණුදේවාලයේ බස්නායක නිලමේගේ උපදෙස් පරිදි “කප “සවස කොටස් 4 කට කපා ඉන් කොටස් 3 ක් නාථ, කතරගම සහ පත්තිනි දේවාල වල බස්නායක නිලමේවරුන් හා රාඡකාරිකරුවන් වෙත භාරදෙයි. එම “ කප “ තම දේවාල වලට ගෙන ගොස් අද අලුයම  කප් සිටුවීමේ මංගල්‍ය සිදුකරන ලදි.
 
අද (21) සවස සතර මහා දේවාල වල අභ්‍යන්තර පෙරහර ආරම්භ කරන  අතර ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගා පෙරහර අවසානයේ දිය කපනා මොහොතේදී ඒවා ගැටඹේ  දිය කපනා තොටේදි  දියේ පා කර හරි.

  



අදහස් (0)

මහනුවර සතර මහා දේවාලයන්හි කප් සිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site