
(ෂේන් සෙනවිරත්න)
මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ආශ්වාදජනක බෝට්ටු සවාරියක් ලබාදුන් මහනුවර ඓතිහාසික වැවේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ .
මහනුවර මහ නගර සභාවට අයත් එම බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීම සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉශාන් විජේතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ එම ජෝයි බෝට්ටු සේවාවේ ගිවිසුම් කාලය හමාරවීමෙන් පසු නැවත ටෙන්ඩර් කැඳවීමේදී ඉහළම ලන්සුව තැබූ ටෙන්ටර්කරුට එය ලබා දීමට පියවර ගත් බවයි.
එහෙත් එම බෝට්ටු සේවාව වසර 53 ක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ආ පාර්ශවය සහ නව ටෙන්ඩර්කරු අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඒ පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් පවත්වන තුරු එම ස්ථානයට කිසිවෙකුටත් ඇතුල්වීමට නොහැකි ආකාරයට සීල් තබා වසා දැමීමට පියවර ගත් බවයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 53 ක් එක දිගටම හිටියා කියලා ඔවුන්ට එහි සින්නක්කරව අයිතිය ලැබෙන්න බැහැ. නගරයේ ආදායම් අඩුවෙන්නත් බැහැ. හිටපු කෙනාගේ හා වත්මන් ටෙන්ඩර් කරුගේ මතභේදයක් තියෙනවා කියලා ඒක නගර සභාවට අදාල නැහැ...!
වැවත්, කුරුණෑගල රාජසභා මණ්ඩපය දේශපාලන බූදලයක්ද? දූෂිත රාජ්‍ය නිලමැස්සන් නිසා තමයි... රාජ්‍ය සේවය පිරිහීමට හේතු වී ඇත්තේ...!
අවුරුදු 53 එකම එකෙක් කරනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නොවේ ... මාරු කරමු...!