
(ඉන්දිකා රාමනායක )
මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරැළී සිදුවීමට ගිය විශාල අනතුරක් වහා මැදිහත් වීමෙන් වළක්වා ගෙන එම බස් රථයෙහි ගමන් ගත් 50 ට අධික මගී ජීවිත බේරා ගැනීමට ක්රි්යා කළ සාමාජිකයාගේ වීර ක්රි යාව අගයමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ඔහු ඇගයීමට ලක් කළේය.
මෙලෙස ඇගයීමට ලක් කළේ 4 ශ්රීි ලංකා පාබල හමුදාවේ කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න නම් කෝප්රේල්වරයා බව හමුදාව පවසයි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් මත ඊයේ ( 01 ) කෝප්ර ල්වරයා යුද්ධ හමුදාධිපති කාර්යාලයට කැදවා ඔහුකළ නිර්භීත ක්රිආයාව ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ප්ර ශංසනාත්මක ලාංඡනය පිළිගන්වනු ලැබීය.
බස් රථය උඩුදුම්බර ප්රධදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා වංගුවක් හැරවීමට යාමේදී රියදුරු අසුනෙන් ඉවතට විසි වී ඇති අතර, මීටර් 50ක් පමණ දුරක් රියදුරු නොමැතිව බස් රථය ගමන් කර ඇත.
එම සිදුවීම දුටු බස් රථයේ ගමන්කරමින් සිටි යුද්ධ හමුදා සෙබල කෝප්රයල්වරයා යුහුසුලුව ක්රිියාත්මක වී රියදුරු නොමැතිව කඳුකර ප්රුදේශයේ ධාවනය වෙමින් තිබූ එම රථයේ රියදුරු අසුනට ගොස් මහත් පරිශ්රුමයක් දරා බස් රථය පාලනය කර නවත්වාගැනීමට සමත් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ඉහල අගය කිරීමක්.මාගේ සුභ පැතුම් .හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී
හමුදාවේ කාර්යභාරය හරියටම හදුනාගෙන ඒ අනුව හමුදාවට ගෞරවය ලබාදීම ප්‍රශංසනීයයි ඔහුගේ අනාගතය සෞභාග්‍යමත් වේවා
විශිෂ්ඨ ක්‍රියාවකට විශිෂ්ඨ අගැයීමක්....
විශිෂ්ඨයි..!
ඔහුට උසස්වීමකුත් දුන්නා නම් තමයි හොඳ...!
නියමයි, සහෝදරයා..!
ජීවිත රැසක් බේරාගත් මේ වීර හමුදා නිලධාරියා යුද හමුදාපතිතුමාගේ ඇගැයීමට ලක්වීම අපි අගය කරමු. මෙවන් අය මේ රටට වාසනාවක්....
සුපිරි වැඩ්ඩෙක්...!
මෙඩ්ල් අලවනවාට වඩා පටියක් ඈලෙව්වා නම් ඉතා වටී...
විශිෂ්ඨ ක්‍රියාවකට ඇගැයීමට ලක්වීම අපි අගයකරමු.
හොඳ වැඩක්.. සුබපැතුම්..!
ජය වේවා...!!!