(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර මහ නගර සභාවේ පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී සංගීත් සිල්වා මහතාගේ නිවසට පහර දෙද්දී එම නිවසේ තිබූ රන් පවුම් 34.5 ක් මුදලින් රුපියල් ලක්ෂ අටක් ඇතුළු වටිනා භාණ්ඩ තොගයක් අස්ථානගත වී ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ .
නාගරික මන්ත්‍රී සංගීත් සිල්වා මහතාගේ බිරිඳ වන කරලියද්දේ ගෙදර රේණුකා ධර්මවංශ මහත්මිය එම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ .
අංක 15, ඇහැලේපොළ කුමාරිහාමි මාවත බෝගම්බර පිහිටි තම නිවසේ තිබූ රන්, මිල මුදල්, ඇතුළු වටිනා භාණ්ඩ තොගයක් එසේ අස්ථානගත වී ඇති බව ඇය විසින් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ .
ඉකුත් මැයි මස 09 වැනි දිනදි මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය ඉදිරිපිට පවත්වාගෙන යන ගෝඨා ගෝගම අරගල කරුවන් ගේ පරිශ්‍රයට මැර ප්‍රහාරයක් එල්ල වූ ප්‍රහාරයෙන් පසු එදිනම රාත්‍රී සංගීත් සිල්වා මහතාට අයත් තුන් මහල් බෝගම්බර නිවස අසලට රැස් වූ විශාල පිරිසක් ඔහුගේ නිවසේ ඉදිරිපස දොර කඩාගෙන ඇතුළුවී නිවසට පහර දි නිවසේ තිබූ බඩුබාහිරාදිය සියල්ල එලියට දමා ගිනි තැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් ධනයක් කොහෙන්ද? මේ ගැන අයබදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළ යුතුයි.
මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමයි.., මේ තරම් මුදලක් ගෙදර තියාගෙන ඉන්නේ...? තව ටිකක් වැඩිපුර දාන්න තිබුණේ නැතිවෙලා කියලා...
අර අහිංසක කොල්ලන්ට ගහනකොට අට්ටාල කඩනකොට තමන්ට ඊට වඩා නැතිවෙන්න දේවල් තියෙන බව හිතුනෙ නැද්ද? කුමාරිහාමිට වත් පුතාට වත්?
හොරු දැන් කරන්නේ රත්තරන් බඩු මිලදී ගන්න එක තමයි. හංගන එක ලේසියිනේ දේපළ වගේ නෙමෙයි...
මේවා හොයලා රාජසන්තක කළානම් හරි...
හොඳ වැඩේ එහෙනම්...!