
(අංජුල මහික වීරරත්න)
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. පී. ඉන්දික අනුරුද්ධ පියදාස මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුර 2024-11-25 දින සිට පුරප්පාඩුව පැවතිණි.
එම තනතුර සඳහා දැනට අම්පාර ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. පී. ඉන්දික අනුරුද්ධ පියදාස මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් මහනුවර දිසාපති තනතුරට පත් කරන්නේ උඩරට කෙනෙක්වයි. ඊට ගරුතර මහා නායක ස්වාමින්වහන්සේලාගේ අනුමැතිය ලැබෙනවා. මෙවර එම චිරාගත සම්ප්රදායයෙන් බැහැරව ගිය බව පෙනේ. මෙම වැරැද්ද වහා නිවැරැදි කල යුතුයි. දියවඩන නිලමේ තුමනි, මේ ගැන සොයා බලන්න
තවත් පක්ෂ බේද, කුල බේද, උඩරට පහත රට බේද සලකන්න නීතියක් තියෙනවද? දක්සයාට ඉඩ දිය යුතුයි.පරිපාලන සේවයෙ හතර දෙනකුගෙන් යුත් පවුලේ දෙවෙනියා බවත්, තෙල්දෙණිය හිටපු ප්‍රා.ලේ. වශයෙන් හා යටිනුවර ප්‍රා.ලේ වශයෙන් අගනා සේවයක් කළ අයෙක්..
තවත් කුලබේද, උඩරට පහතරට බේද සලකනවාද? ජාති බේදත්, පක්ෂබේදත් සලකන්න වෙයි. ඔහු යටිනුවර, තෙල්දෙණිය ප්‍රා.ලේ. වශයෙන් උඩරට රාජකාරි කලේ. ඔහුගේ පියාත්, සහෝදරයන් තිදෙනෙකු පරිපාලන සේවයේ බව පත්තරේ තිබුණා...