(ෂේන් සෙනෙවිරත්න)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් විරෝධතා 74ක් එල්ල වීම හේතුවෙන් එහි ඇතැම් විරෝධතා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතාට සිදු විය.
එම පළාත් පාලන ආයතන 22 සඳහා කොට්ඨාස 368 කින් සභිකයින් 377 ක් පත් වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයන් 686 දෙනෙකු තරග වැදීමට නියමිතය .
මහනුවර දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 233ක් ඇප තැන්පත් කර තිබෙන අතර ඒ අතරින් කණ්ඩායම් 202ක් නාම යෝජනා භාරදී තිබේ .
ඒ අතරින් පිළිගත් දේශපාලන පක්ෂ දෙකක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති අතර මැදදුම්බර ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කළ නාම යෝජනාව සහ ගඟවටකෝරලේ ප්‍රාදේශීය සභාව සඳහා දිරිපත් කළ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නාම යෝජනාව එසේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වී තිබේ .
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22 ක් සඳහා ඡන්දදායකයන් 1168697 (එකොළොස් ලක්ෂ හැට අටදාස් හයසිය අනු හතක්) ක් ඡන්දය භාවිතා කිරීමට නියමිත මහනුවර දිස්ත්‍රික්කයේ මහ නගර සභා 01ක් නගර සභා 04 ක් සහ ප්‍රාදේශීය ප්‍රාදේශීය සභා 17ක් සඳහා එම ඡන්ද භාවිතා කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd