(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ පොලිස් වසමේ ගොතටුව පාර මහනියර හංදිය ප්‍රදේශයේ වෙළඳසලක් තුළට කඩාවැදුණු අවි ගත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 56 ක පුද්ගලයෙකි.
යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd