
(රෝෂන් තුෂාර)
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගත හැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපේක්ෂිත ඇප ඇයදුමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය.
අදාළ සිද්ධිය තුළින් තමන් රජයට පාඩුවක් කර ඇති බවට අල්ලස් කොමිසම මගි න් විමර්ශනයක් සිදු කරන බවත් සඳහන් කරමින් අල්ලස් කොමිස මේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වග උත්තර කරමින් මෙම ඇප අයදුම ඉදිරිපත් කළේය.
අලුත්ගමගේ මහතා සිය පෙත්සම මම ගින් සඳහන් කර ඇත්තේ පුවත්පත් වාර්තා පළ වූ ආකාරයට අදාළ පාඩුවක් ශ්‍රී ලංකා රජයට තමන් විසින් සිදුකර නොමැතිි බවය.
චින්දාඕ සමාගමට මුදල් ගෙවීම සම්බන්ධයෙන් තීරණය මහජන බැංකුව හරහා ලබා ගත්තත් බවත්,ඊට අධිකරණමය කියාමාර්ගයක් ඊට තිබෙන බවත්,අදාළ මුදල් වලට ඕනෑම අවස්ථාවක දී ශ්‍රී ලංකා රජයට ඕනෑම දෙයක් මිලදී ගැනීමේ හැකියාවක් ඇති බවත් සිය පෙත්සම මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඇප ලබාගත නොහැකි සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුවහොත් පූර්ව ඇපයක් නියම කරන ලෙස මෙම පෙස්සම ගොනු කර ඇති අතර පෙත්සම සලකා බැලීම ලබන සඳුදා සිදු කරන බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද දින නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාට කලින් වැට පැනලා තියෙන්නේ ඔය
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවට යන්න බයද?
අපේක්ෂිත ඇප නොවෙයි දෙන්න ඕනෑ අපේක්ෂිත හිර දඩුවම්...!
මාර පොර ටෝක් දීලා ඔය පොහොර නැව ගෙනාවේ මේ පට්ට හොරා තමයි. මහජන මුදල් මෙයා ප්‍රකෝටි ගණන් හොරා කෑවා ඒ රාජපක්ෂ යුගයේ. ජීවිතාන්තය දක්වා හිරේ දාන්න තියෙන්නේ
මගෙන් ඉල්ලුවා නම් දෙනවනේ...!
ලිපිකරු, රක්ෂණ නියෝජිත, රියදුරු, ගාමසේවක වගේ රස්සාවක ඉඳල කෝටිපතියන් වෙන්න දියුණුවෙන්න ඒ කාලෙ රටේ වාසනාවන්ත වාතාවරණයක් තිබුණ. මෑත ඉතිහාසේ බැලුවොත් සෑහෙන්න උදාහරණ තියෙනවා.
රටට ප්‍රකෝටි ගණන් නැතිකරපු එකා . අපි බලමු මොහුට දෙන දඬුවම
අනේ එපා... මෙයා තොත්ත බබා...
ලොකාගේ ගෙදර ගිහින් හැන්ගියන් මිරිස් කුඩ්ඩා කළා වගේ .මේ කපේට පොලිසියට හොයාගන්න බැහැ
පට්ට හොරෙක්.ඇප නෙවෙයි,කියපු කරපු දේවල් වල හැටියට ඉන්ඩ ඕනේ හිරේ..
මෙයත් ගෝල්ෆේස් එකට ගෙනත් ප්‍රසිද්ධියේ වින්දිතයලා මරන්න ඕන අයගෙන් එකෙක් තමයි