
(සුජිත් හේවාජුලිගේ)
බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
සියලු අච්චු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය. සාමාන්‍යයෙන් එක වරකට තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවද ඔහු සඳහන් කළේය. මේ අතර හිටපු ඇමතිවරුන් දෙදෙනා එකම පොදු ස්ථානයක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම දෙදෙනාට බන්ධනාගාරයේ වැඩ පැවරීම බොහෝ දුරට අද කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ඉදිරියේ කවුරුත් එකය
වීසා සහ පාස්පෝර්ට් මගඩියට පක්ෂව ප්‍රසිධියේ පෙනී සිටි , එම කාලයේ විෂය භාර ඇමතිකම දරපු ටිරාන් අලස්ට විරුධව පරික්ෂන ආරම්භ නොකරන්නේ , කිමද ? මහින්දානන්ද සහ අනෙක් පුද්ගලයා ඇතුලට ගියේ යහපාලන කාලේ දමපු නඩුවක ප්‍රතිපලයක් ලෙසය ,
ඉතුරු නඩු ටිකත් අහලා ඉවර වුනු දවසට මහින්දානන්දයට ලබන ආත්මෙත් මදිවෙයි දඬුවම් ටික ගෙවලා ඉවර කරන්න. ඒ තරමටම කම්බා හොරෙක් බවයි ආරංචි
මේ දෙදෙනාට දැන් හොඳටම තේරෙනවා ඇති මහජන මුදල් හොරා කාල වින්ද සැපයී, අද දඬුවම් ලැබිලා හිරේ ලැගලා විඳින දහ දුකයි අතර වෙනස.මාලිමා රජය අද රට මේ කම්බ හොරුන් ගෙන් බේරා ගෙන මේ කරන වෙනස රටේ මතු පරපුරට කියලා නිම කරන්න බැරි මොනතරම් වාසනාවක්ද ...අපිට නම් දැන් සැපට නින්ද යනවා.
De Silva ඇයි එහෙනම් මෙයාට යහපාලනයේ අවම කැබිනට් ඇමති කමක් දුන්නේ? ඇයි කොට අත දාලා රනිල් එක්ක සිංදු කිව්වේ?
රජකම් කළත් කළකම් පලදේ... ඡන්දෙන් පත්වුණාම කරන කුපාඩි වැඩවලට කවදා හෝ පටිසන් දෙන බව තේරුම් ගත යුතුව ඇත...
ඉතිං ප්‍රශ්නයක් නෑනේ.. යාලුවෝ සෙට් එකම ඉන්නේ එකම තැනනේ... ඔක්කෝටම දවසගානේ හම්බ වෙන්න පුළුවන්නේ... හවසට මහින්දානන්දටයි, දුමින්ද දිසාටයි එකට සෙට් වෙලා "මල් පැන් පොදක්, රහ බැලුවේ අපි එකට" කියලා, මුමුණ, මුමුණා ඉන්නත් පුළුවන්...!
අච්චු කන්තෝරුවේ වැඩ ඒතරම් බහුලද අප්පා?
රුවන් මහත්මය මහින්දානන්ද ඇතුළට ගියේ මම දන්නා තරමින් යහපාලන කාලේ දමපු කරම්බෝර්ඩ් නඩුවට, නැතුව පසුගිය වසර තුළ දමපු නඩුවකට හෝ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කාලේ දමපු නඩුවකට නොවේ. මහින්දානන්ද කරම්බොර්ඩ් වංචාවට වැඩිය දහස් ගුණයක් විශාල වංචා, දූෂණ කරලා තියෙනවා. නමුත් හැමෝම ලිපිගොනු තිබෙනවා කියා කියා ඉන්නවා මිසක් පවරපු නඩුවක් ඔප්පු වුණු බවක් මම නම් දන්නේ නැහැ...
අපෝ, මට නම් මේ ගොල්ලන්ව බලන්න කිසිම වුවමනාවක් නැහැ.