IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහින්ද හොරෙන් අගමැති වෙන්නේ නෑ

(යොහාන් භාසුර)

මහින්ද රාජපක්‍ෂ මහතා හොර රහසේ බලහත්කාරයෙන් හමුදා යොදවා අගමැති ධූරයට පත් නොකරන බවත් මහින්ද රාජපක්‍ෂ යනු ජනතාව වෙනුවෙන් බලය අත්හරීමේ හැකියාව ඇති නායකයෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (15) පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති කිරීමේ උත්සහයකට අනුව කොළඹ නගරය පුරා හමුදාව ස්ථානගත කළා යන ප්‍රචාරය සම්පූර්ණ පදනම් විරහිත කතාවක් බව කී කාරියවසම් මහතා දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච පුද්ගලයින් මෙම කථාව පතුරවන බව ද සඳහන් කළේය.

කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත සහ ජනතාවට මුදාහරිමින් ඔවුන්ගේ බංකොලොත්භාවය වහගන්න කිසියම් හෝ මාධ්‍ය අවකාශයක් ලබාගන්න හදනවා කියන කාරණය පෙණෙන බවත් මහින්ද රාජපක්ෂ යනු මේ රටේ නිදසහසින් පසු බිහිවෙච්ච  ශ්‍රේෂ්ඨතම නායකයා බවත් ඒ මහතා කීය.

මහින්ද රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරු හතරකට ඉවර කරගන්න බැරි වුණු යුද්ධයක්  නිමා කළ වසර 30ක යුද්ධයක් අවසන් කළ නායකයා බව කී කාරියවසම් මහතා පැවසුවේ එතුමාගේ භාෂාවෙන්  කියනවා නම්  එතුමා ජනතාව වෙනුවෙන් බලය ලබාගන්නත් භය නැති නායකයෙක් බවත්ය. 



අදහස් (12)

මහින්ද හොරෙන් අගමැති වෙන්නේ නෑ

Gulliver Monday, 15 May 2023 01:05 PM

රට අරාජිකත්වයට පත්කරපු රාජපක්ෂ මුළු පවුලටම හෙණ හතම වැදෙන්න ඕනේ...!!! පවුල් පිටින්ම මකබෑවිලා යන්න !!! රාජපක්ෂලාට ලැජ්ජා නහර කපලාද? නැත්නම් ලැජ්ජාවක් නැහැ කියන එක රාජපක්ෂ පවුලේ ජන්මයේ හැටිද? රට විනාස කරපු, රට කොල්ල කාපු අයට සහ ඔවුන්ට කඩේ යන වල වහල් බයියන්ට හෙණ හතම වැදියල්ලා...

:       9       50

යෝගා Monday, 15 May 2023 01:37 PM

පරිස්සමින් මේ වැහි දවස්වල එලියට බහින්නේ. මොන වැරැද්ද කලත් අනුන්ට හෙන ඉල්ලන අයට ඒවා ඩබල් වෙලා ලැබෙනවා. ලෝක ධර්මතාවය ඒකයි

:       29       17

mahinga Monday, 15 May 2023 01:22 PM

රටේ මතු පරම්පරා ගානකට ඉවර කල නොහැකි ණය උගුලක මවු බිමට අත් කර දී රටේ සියලූ සම්පත් චෞර නඩයක් සමඟ අසීමිතව මංකොල්ලකා රටේ පුරවැසියාට එපාවූ මහල්ලෙකී.

:       4       27

duminda Monday, 15 May 2023 01:41 PM

මෙයාගේ මොලේ අව්වටත් අවුල් වෙනවා.. වැස්සටත් අවුල් වෙනවා.

:       3       29

Aravinda Monarawila Monday, 15 May 2023 01:42 PM

කටවාචාල කමට ඔහේ දොඩවනවා ඇරෙන්න... මහලේකම් වුණාට පක්ෂය ඇතුලේවත් සිද්ද වෙන්නේ මොනවද කියලා නොදන්න හාල් කෑල්ලක් මේක...

:       3       27

ගමේ එකාලා Monday, 15 May 2023 02:32 PM

ලෝකෙටම ආසියාවේ ආශ්චර්යය පෙන්වපු මහින්දගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       3       20

HELAYA Monday, 15 May 2023 02:48 PM

මේ හාදයාගේ මොලේ කචල් වගේ... යහපාලනය කාලේ.. දින 52 මරිසිපාල දෙනකොට. පෙරේතකමට ගත්තේ. රටේ ඉහළම තනතුර දරපු කෙනෙක් මන්ත්‍රී වෙනවා කියන්නේ පොලිස්පති පෙන්ෂන් ගිහිල්ලා ට්‍රැෆික් ඩියුටි කරනවා වගේ...!

:       3       17

Hafeel Monday, 15 May 2023 04:29 PM

එදා මෛත්‍රීගේ ආණ්ඩුවේ හොරෙන් අගමැති වෙලා අධිකරණ නියෝගයෙන් දොට්ට දෙම්ම එක අමතක් වෙලාද?

:       2       13

K Perera Monday, 15 May 2023 09:30 PM

මේක කිව්වත් කියන්නේ මොලේ කරකැවිලා යන කතාවක්...! මේ රටේ ජනතාව තවත් මෝඩ නැහැ. හොරාකාපු නාකි මයිනෙක්ව අගමැති කරනවා.. අපිට අමතක නැහැ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් විදුලි කප්පාදු වගේ දේවල්..!

:       0       0

swene Monday, 15 May 2023 10:20 PM

මෙයා නීතිඥයෙක් හැටියට කටයුතු කරන්නේ මානසික ඉස්පිරිතාලේ අධිකරණයේ

:       0       0

sam Tuesday, 16 May 2023 12:24 AM

සුනාමි ආධාර හොරා රජ උණත් හොරාම තමයි යකෝ. ඌ පට්ට හොරා. සුනාමියෙන් අන්ත අසරණ උණ මිනිස්සුන්ට බෙදල දීල ඒ මිනිස්සුන්ගේ ජීවිතේ යහපත් කරන්ඩ විදේශ රටවල් ලංකාවට දුන්න ආධාර මුදල් තමන්ගෙ ගිණුමට බැරකරගෙන පවුලෙ එවුන් එක්ක හොරාකාපු ලෝක හොරා ගැන මොන කතාද ගොබ්බයො.

:       0       1

Athula Tuesday, 16 May 2023 07:26 PM

ඔය අය තවත් එපා.... මිනිස්සු දුක් විඳිද්දී කිසිම හිරිකිතයකින් තොරව සැප විඳින අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site