(සුජිත් හේවාජුලිගේ)
තමන් වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළහ.
පොලිසිය මේ ගැන සොයා බැලිය යුතු බවද උන්වහන්සේ පැවසුහ.
අපරාධ අංශයට වගේම සයිබර් අපරාධ විමර්ශනාංශයටද මේ ගැන පැමිණිලි ඉදිරිපත් කළ බව පැවසූ ධම්මරතන හිමියෝ මේ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වී නැතැයිද චෝදනා කළහ.
මේ පිටුපස සිටින්නේ කවුදැයි සොයා බැලිය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වලවා හැඟුන වැවේ ධම්මරතන හිමියෝ මෙසේ පැවසූහ.
මීට හය මාසයකට පෙර වට්ස්ඇප් ඔස්සේ දුරකථන ඇමතුමක් ඇවිත් අපි වීඩියෝවක් එවලා තියෙනවා බලපන්. වීඩියෝ රැසක් තියෙනවා.ඒ නිසා අපිට කෝටියක් දීපන්. නැත්නම් මරලා දානවා කියලා කිව්වා. මේක ආවේ ජුනි මාසයේ 1 වැනිදා. කප්පම් දෙන්නේ නැහැ. ඝාතනය කරන්න මරා දාන්න කිසිම ගැටලුවක් නැහැ කියලා මම කිව්වා . මම සූදානම් කියලා කිව්වා.පස්සේ ඒ අය ඒ වීඩියෝ ටික මකල දැම්මා."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පන් ඉල්ලන්නේ අර වගේ වීඩියෝ පටයක ඉන්න නිසා නේද..? සිවුරත් නැතිවම, සැරටම කුණුහරුප බණකුත් කියනවාලු නේද..? කාන්තාවන් සමග ගනුදෙනු කරීමේදී ගනුදෙනු හරිහැටි පියවනවා නම්, ඔයවගේ ගැටුම් ඇතිවෙන එකක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ... මොනා වුනත් ලැජ්ජයි නේද අපේ හාන්දුරුවනේ... කරන්න හොඳයි කරපු ඒවා දකිද්දී තමයි අමාරුව නේද..? ලයිට් බිල් ගෙවන්න සල්ලි නැති හේතුවත් දැන් අපට පැහැදිලියි.
කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන්...
සසර කලකිරිලා මහණ වුණානම් පන්සලට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්නේ නැතිව රස්තියාදු කාරයින්ගේ හරි, චණ්ඩින්ගේ හරි, චරිත වලට පණ පොවන්න ගියාම ඕවා බලාපොරොත්තු වෙන්න වෙනවා. සිල්ලර දේශපාලනය නොකර පැත්තකට වෙලා හිටියා නම් ඕවා මොකුත් නැහැනේ...
ඒ වීඩියෝ බලන්නේ නැතුව මොකුත් කියන්න බෑ.
බුදුමග යන සිල්වත් හාමුදුරුවරුන්ට කිසිවෙකුගෙන් කරදරයක් නැහැ...
හාමුදුරුවනේ කරන දෙයක් දොර වහගෙන කරන්න. දැන් කොල්ලොයි, බල්ලොයි හැම කෙනා අතේම ෆෝන්... ඔවුන් ඒවා අල්ලනවා හැම තැනකම. ඒ නිසා පරෙස්සමින් කරන දෙයක් සතියෙන් කරන්න. නැත්නම් තව මොන, මොනවා ඔය සමාජ මාධ්‍යවල වැටෙයිද දන්නේ නෑ. එතකොට ලැජ්ජයිනේ අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ ගෞරවය නැතිවෙනවා. සමාජයට මුහුණ දෙන්න බැරිවෙනවා. සිංහයෙක් වගේ කතාකරන්න, වැරැදි පෙන්නන්න බැරිවෙනවා. අන්තිමට වෙන්නේ අර වලහාට වෙච්චි දේ. වලහා හැංගුණා වගේ හැංගිලා ඉන්න... මෙත් සිතිනි.
ඉංග්‍රීසි කියමනක් තියෙනවා ඔබට ගෞරවය වුවමනා නම් එය ඔබ විසින් උපයා ගතයුතුබව... අපේ රටේ ඉන්න චන්ඩින් හිතන්නේ එය බලෙන් ගන්න පුළුවන් කියලා... මෙයාට කියන්න තියෙන්නේත් ඔය ටික තමයි. උඳු වපුරලා තල ලබාගන්න බැහැ...