
(උපාලි ආනන්ද)
පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප‍්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාට නියම කළේය.
නොබෝ දිනකින් එළඹෙන පොසොන් උත්සවය කඩාකප්පල් කිරීමේ හැකියාවක් ඇතැයි කියමින් මිහින්තලා විහාරාධිපති ආචාර්ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමිපාණන් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා එලෙස නියම කළේය.
පොසොන් උත්සවය ආසන්නයේ දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් මිහින්තලයට පැමිණ සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටි බව කියමින් සැකකරුවන් සහ සැකකාරියන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාදක කරගනිමින් මිහින්තලා විහාරාධිපති හිමිපාණන් පොලිස්පතිවරයාගෙන් එලෙස ඉල්ලීමක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි . හෙළ බොදු සංස්කෘතිය විනාශ කරන්න බොහෝ අය දත නියවනවා. එන්.ජී.ඕ. වලින් සල්ලි ගන්න අය ප්‍රමුඛයි.
රංබොඩ, ඔය පුදබිම විනාශ කරන්නෙ එන් ජී ඕ කාරයො නෙවෙයි ,ඔය හැරෙන හැරෙන පැත්තට වාචාල කට හරවන මහ උන්නාන්සෙම තමයි. කලින් රාජපක්ෂල හැර වෙන කෙනෙක් නැහැ කියල දැන් විරසක වෙලා සජිත් අල්ලගෙන.ඔය කියන පුද්ගලයන් ඇවිත් මෙයාට වෙඩි තියල මොනව ගන්නද? මෙච්චර බෞද්ධ රටේ හිමිනමකට වෙඩි තියනව නම් ඒක උන්නාන්සෙලාගෙම වරද තමයි.
එන් ජී ඕ මන්තරේ මැතිරුවට ආගම විනාශ කරන්නෙ ආගම අදහන අයම තමයි
චීවරධාරියන්ගේ කෙරුවාවල් ගැනත් අපි හොඳාකාරවම දන්නවා...!
ඕක දෙරණ නයා පාර්ට් 2 දැන් මිනිස්සු අන්නදන්න බෑ. මිහින්තලේම අපිරිසිදු කරන අයව එළවලා හිරේ දාන්න ඕනෑ...