
(උපුල් හේරත් සහ බී.ජී.චතුරංග)
ඓතිහාසික මිහින්තලා නගරයේ තැබෑරුමකට අවසර ලබා දීම සම්බන්ධයෙන් ඊට විරෝධය පෑ උද්ඝෝෂණයක් අද දහවල් මිහින්තලේ සාංචි විහාරස්ථානය ඉදිරිපිට පැවැත්විණි.
මිහින්තලේ විහාරස්ථානයේ දායක සභාව හා අසල් වැසි ගම්මානවල පදිංචිකරුවන් 400 ආසන්න පිරිසක් ඊට සහභාගි වූහ.රජරට විශ්ව විද්‍යාලයේ රෙජිස්ටාර් ඒ එමි ජී බී අබේසිංහ මහතා ඇතුළු සිසු සිසුවියන් ද ඊට සහභාගි වීම විශේෂත්වයකි .
මෙම උද්ඝෝෂණ කරුවන් කියා සිටියේ, ඓතිහාසික මිහින්තලා පුදබිමට කුමන ආකාරයකින් වත් මත්පැන් හලක් පවත්වා ගෙන යෑමට ඉඩ නොදෙන බවයි. මස් කඩ ,මත්පැන් හල් ඓතිහාසික මිහින්තලා පුදබිමේ පවත්වා ගෙන යන්නේ නම් ඉදිරියේ දී ඊට විරෝධය පෑම සම්බන්ධයෙන් මහ සඟරුවන දහස් ගණනින් එක් රොක් වෙන බව ඓතිහාසික මිහින්තලා විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ .

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිහින්තලේ රට බීම හලට විරෝධයක්
Jagath Wickramasekara Monday, 10 July 2023 01:46 PM
මෙයාලාගේ බොරු.. රෑට බොන්න හොඳයි...
mangalaMonday, 10 July 2023 02:18 PM
රෑට බීලා එන්න හොඳයි කියන්නේ මෙතන ඉස්සරහ ඉන්න වයසක ගෑණු උදවියටද. මට පේන විදියට නම් මෙතන වැඩිහරියක් ඉන්නේ ගෙවල් වල මිනිහා බීලා කනමොදා වගේ ඇවිත් අනින ගුටි කන අසරණ ගැහැණු ටිකක්. පැනපු ගමන් කොටන්න කලින් ප්‍රවෟත්තිය සහ පින්තූරය සැලකීමෙන් බලනවා නම් හොඳයි.
Bunny Preena Monday, 10 July 2023 03:00 PM
රටබීම සාප්පු වලට විරුද්ධ වෙනවා වගේම වන්දනා ගමන් ගිහිල්ලා ආයෙත් ගෙවල් වලට යන වාහන චෙක් කරන්න මුර කපොල්ලක් දාලා ඒවායේ ගෙනයන අහිංසක සතුන්ගේ දඩ මස් ටිකත් ඇත අඩංගුවට ගන්න ක්‍රමයක් සලස්වනවා නම් හොඳයි
sriyal Monday, 10 July 2023 06:45 PM
ඉතිං ඔබලා නොබී ඉන්න බොරු සදාචාරය නැතිව...!