(යොහාන් භාසුර)

මරදාන සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය.

එම දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීම සඳහා   සහයක දුම්රියක් එම ස්ථානය වෙත යවා ඇති අතර අදාල මාර්ගයේ අවහිරතාවය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.