
( සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ.
පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙසේ පීලි පැන තිබේ. දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටී දුම්රිය සංඥා පද්ධතිය ද මුළුමනින්ම අක්‍රීය වී තිබේ.
දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීලි පනින එක අහලම එපා වෙලා. හැමදාම පනිනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ කළමනාකරණයේ නොහැකියාව. වෙනත් රටවල් වල දෙතුන්දෙනෙක් වැඩ කර තැන් වල වුනත් මීට වඩා කළමනාකරණය හොදයි. මෙයාලගේ පඩි කපනවා, උසස්වීම් දෙන එක නවත්තනවා වගේ දේවල් කලේ නැති නම් කවදාවත් හැදෙන්නේ නැහැ.
පුගලිකකරණය කරන්න.මේවා හරියට වැඩ කරයි
ලොන්තයෝ ඉන්න ක්‍රිකට් කණ්ඩායම එක විතරයි නෙමෙයි. දුම්රිය සේවය, විදුලිබල මණ්ඩලය, හැම රජයේ ආයතනයක්ම.