(අංජුල මහික වීරරත්න)
සමුද්‍රික රාජ්‍යයන්ගේ හවුල්කාරීත්ව වැඩසටහන සඳහා සහයෝගීතාව පිණිස ශ්‍රී ලංකාව, මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ.
මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්තය වර්තමානයේදී සාගර සෞඛ්‍ය පිළිබඳ ගෝලීය මුල පිරීම් සඳහා නායකත්වය ලබාදෙමින් සිටින බව රජය පවසයි.
ඒ අනුව 2013 වන විට ගෝලීය සාගරයෙන් අවම වශයෙන් 30% ක් ආරක්ෂා කර ගැනීමත්,සාගර ආරක්ෂාව සහ තිරසර නීල ආර්ථිකයක් ළඟා කර ගැනීම සඳහා යුරෝ මිලියන 500ක් වටිනා "Blue Planet" අරමුදල ස්ථාපිත කිරීමත් හවුල්කාරීත්ව රටවල් වෙත එමගින් අවශ්‍ය අරමුදල් ලබාදීමත් කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.
එක්සත් රාජධානියේ පරිසරය, ආහාර හා ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුව විසින්"Blue Planet" අරමුදලේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා ද්විපාර්ශවික හා බහු පාර්ශ්වික මට්ටමේ වැඩසටහන් සමූහයක් සැලසුම් කර තිබේ.
එම වැඩසටහන් අතුරින් එකක් වන සමුද්‍රිත රාජ්‍යයන්ගේ හවුල්කාරීත්ව වැඩසටහන යටතේ සහාය ලැබීමට සුදුසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනා ගනු ලැබ ඇතැයි රජය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය අගය කලයුතුවෙමු. මේවනවිට ලොවපුරා සිදුවන කාලගුනුක වෙනස්කම් පිලිබදව සැලකීමේදී ලෝකයේ දියුණු රටවල අවධානය නොවූ ප්‍රබල කරුණක් ඇත. එනම් රටවල් අතර පවතින යුදමය අවස්ත්වන්හිදී පොලවට පතිත කරනාවූ අදිබලති බෝම්බ සහ වෙනත් අවි නිසා සමස්ත පෘතුවි තලයට වන හානිය පිලිබදව ශ්‍රී ලංකාව හඩක් නැගිය යුතුවේ. "The Importance of Saving Mother Earth" ජීවය අඛණ්ඩව පවතින එකම ග්‍රහලෝකය පෘථිවියයි. එබැවින් පෘථිවියට හානි කරන සෑම ආකාරයකම ක්‍රියාකාරකම්වලින් අපේ පෘථිවි මාතාව බේරා ගැනීම සඳහා හදිසි හැඟීමක් / ප්‍රබල මතයක් ජනනය කිරීම වඩ වඩාත් අත්‍යවශ්‍ය වේ. මනුෂත්වය වෙනුවෙන් සියලු / බහුතර රටවල් මේ සදහා යොමුකර ගැනීමට ශ්‍රී ලංකාව නායකත්වය ගැනීමට කටයුතු කලයුතුවේ. මේ වනවිට ගෝලීය වසයෙන් බුදුදහම පැතිරෙමින් / සහ විශාල පිළිගැනීමත් ඇතිවෙමින් තිබෙනාවූ නිසාත් අතිබහුතරයක් මිනිසා යුද්ද ඇතිවීමට අකමැති නිසාත් බුදුදහමේ තිබෙනාවූ කරුණු උපුටා ගනිමින් පරිසරයට යුද්දය නිසා සිදුවන හානිය වලක්වා ගැනීමට කටයුතු කලයුතුවෙමු
ගෝලීය වැඩ කොතනද ?අපේ ලොක්කා එතන .උදේ ඉඳන් රෑ වෙනකලුත් ගෝල අතගගා ඉන්නෙත් ?