IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුහුදු මහා විහාරයේ බවුන් වඩද්දී හිමි නමට හබලෙන් ගහලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමක් ආතිමූණෙයි මදුරන්වේලි ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා යෝගීව වැඩ වාසය කරමින් සිටියදී පුද්ගලයින් හත් දෙනකු එම භාවනා කුටියට කඩා වැදී හිමිනමට හබලකින් පහරදීරුපියල් 50,000ක මුදලක් හා ජංගම දුරකථනය පැහැර ගෙන පලාගොස් ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි.

මෙසේ කඩා වැදුණු පුද්ගලයන් හත් දෙනාගෙන් එක් අයකු විසින් ඔරු පැදීමට යොදා ගන්නා හබලකින් පහරදුන් අවස්ථාවේ භාවනාව යෝගීව වැඩ සිටි භික්ෂූන් වහන්සේ පළාගොස් කොහොඹ ගසක් යට සැඟව සිට ඇතැයි පොලිසිය පවසයි.

පැය කාලකට ආසන්න කාලයක් කොහොඹයක් ගසට මුවාවී සැඟවී සිටි අවස්ථාවේ එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සසභාපතිවරයකු පැමිණ ඇත.

ඔවුන් දුටු හිමිනම සැඟව සිටි ස්ථානයෙන් එළියට පැමිණ මෙම සිද්ධිය එම දෙදෙනාට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

පසුව හිමිනම වැඩ වාසය කරන ගල් ලෙනට ගොස් බැලීමේදී එහි තිබූ රුපියල් 50,000 ක මුදල සහ ජංගම දුරකථනය නොමැති බව දැක ඇත.

හිමිනම කළ පැමිණිල්ලේ මෙම තොරතුරු සඳහන් වන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

හිමිනම ගෙන් පැහැර ගත්තේ යැයි කියන ජංගම දුරකථනය ගල්ලෙන ආසන්නයේ තිබී පොලීසිය සොයාගෙන තිබේ.

 



අදහස් (5)

මුහුදු මහා විහාරයේ බවුන් වඩද්දී හිමි නමට හබලෙන් ගහලා

ලුම්බිණි Sunday, 30 July 2023 06:14 PM

සල්ලි, මොබයිල් ෆෝන් අරගෙන භාවනාවලට වඩින්න එපා හාමුදුරුවනේ...

:       16       43

Samu Sunday, 30 July 2023 09:50 PM

ඇත්තටම මහණ වෙච්ච අය සල්ලි පාවිච්චි කරන්නේ නෑ. ශික්ෂා පදයකුත් තියෙනවා සල්ලි පාවිච්චි කරන්න තහනම් කරලා.

:       0       3

උපාසක Monday, 31 July 2023 01:02 AM

ස්වාමීන් වහන්සේලා ගැන හොරු අනුකම්පා කරලා තියෙනවා. හොරු දන්නවා මුදල් පරිහරණය භික්ෂූන්ට කැප නෑ කියලා... ස්වාමීන් වහන්සේට නොතේරුණාට හොරුන්ට තේරිලා. ඒකයි ගන්න ඇත්තේ... ස්මාර්ට් ෆෝන් එකක්ද අපේ හාමුදුරුවනේ...?

:       0       5

සේනක Monday, 31 July 2023 06:40 AM

මුදල් පාවිච්චිය බුදු අණින් පැවිද්දන්ට තහනම්ය. බවුන් වඩනා පැවිද්දා වඩාත් ශික්ෂාගරුක විය යුතුයි නේද?

:       0       7

ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Monday, 31 July 2023 01:17 PM

බවුන් වඩා මියගිය ඉන්ද්‍රියන් වලට නැවත පණ එන්නේ ඔය වගේ පහරවල්වලින් තමයි...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site