
(සිතුම් චතුරංග)
යාපනය , මුහුදු තීරයේ නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 29 දෙනකු අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.
ධීවර බෝට්ටු 11 කින් පැමිණි ධීවරයන් පිරිසක් කිමිදුම් උපකරණ භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටින බවට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාර ධීවරයන් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව කියයි.
සැකකාර ධීවරයින් භාවිතා කළ කිමිදුම් උපකරණ , ඔක්සිජන් ටැංකි හා ධීවර යාත්‍රා එන්ජින්ද නාවික හමුදා භාරයට ගත් බව සඳහන් කළේය.
අත්අඩංගුවටගත් පිරිස මන්නාරම හා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 25 ත් 55 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති නිසා අහන්නේ මුහුදු කූඩැලලාගේ මොකක්ද විශේෂත්වය ඇයි නිත්විරෝධි මොනවද උන්ගෙන් කරන්නේ
සංජීව මහත්මාට වගේම අපේ රටේ වැඩි පිරිසකට මුහුදු කූඩැල්ලන් පිළිබඳ ලොකු දැනුමක් නැහැ. හේතුව අපේ රටේ මුහුදු කූඩැල්ලන් ආහාරයට ගැනීමේ පුරුද්දක් නොමැතිකමයි. භාවිතයේදී මොවුන් "අට්ටයන්" කියලා හඳුන්වන අතරම හැඩයෙන් පිපිඤ්ඤා ගෙඩියක් වගේ නිසා 'සී කියුකම්බර්' (Sea Cucumber) කියලා තමයි මොවුන් හඳුන්වන්නේ. මුහුද යට තියන ගල් වල (කොරල් පර ) වාසය කරන මොවුන් මුහුදු පතුලේ ඇල්ගී වර්ග, කුඩා අපෘෂ්ඨවංශීන්, ප්ලවාංග, අපද්‍රව්‍ය වාගේ දේවල් ආහාරයට ගන්නා අතර පූර්ණ වර්ධනයක් අත් කරගන්න අවුරුද්දක් වගේ කාලයක් ගත වෙනවා. සාමාන්‍ය ආයු කාලය වසර 8ක් වගේ.... මුහුදු පතුලේ වාසය කරන නිසා මෙයාලව අල්ලන්න දැල් ආම්පන්න වලින් බැහැ. එ්ක නිසා වායු සිලින්ඩර පිටේ බැඳගෙන කිමිදීමෙන් පමණයි මොවුන් එකතු කරන්නේ. ඒ වගේම ගල් අස්සෙන් එළියට එන්නේ රාත්‍රියට. ඒක නිසා විදුලි පන්දම් භාවිතා කරන්නත් වෙනවා. වාසය කරන්නේත් සීමිත ස්ථාන වල. අවදානම, දුෂ්කරබව, දුලබකම නිසා විශේෂය අනුව වියළි මුහුදු කූඩැල්ලන් (තම්බා, ලුණු දමා, වියලා පදම් කල) කිලෝවක් රු. 4000/- සිට රු. 35000/-ක මිල ගණන් යටතේ චීනය, සිංගප්පූරුව, හොංකොං, ජපානය, කොරියාව වගේ රටවල් වලට අපනයනය කරනවා.
චීනය, සිංගප්පූරුව, හොංකොං, ජපානය, කොරියාව වගේ රටවල් වල මුහුදු කූඩැල්ලන් තරු පහේ, මිල අධික කෑමක් වගේම වාජීකරණ ඔසුවක් විදිහටයි සලකන්නේ. මුහුදු කූඩැල්ලන් විශේෂ ගණනාවක් හිටියත් ආහාරයට ගන්නේ විශේෂ 10ක් වගේ පොඩි ප්‍රමාණයක්. ලංකාවේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට, ගබඩා කිරීමට, ප්‍රවාහනයට හා අපනයනයට විශේෂ බලපත්‍ර ධීවර අමාත්‍යාංශයෙන් ලබා ගත යුතුයි. එසේ ලබා ගන්නා බලපත්‍ර වලංගු වන්නේ සීමිත කාල වලට පමණයි. ඒක නිසා බලපත්‍ර කාලෙන් කාලෙට අලුත් කල යුතු වනවා. "නීති විරෝධීව" අල්ලාගත් කියලා පත්තරේ වැටෙන්නේ අන්න ඒ වගේ බලපත්‍ර නොමැතිව අල්ලන කට්ටිය තමයි. ඒ වගේම මොවුන්ගේ ප්‍රජනන අවධියේදී ඇල්ලීම තහනම්. ඉන්දියාව මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙන්නේ. ඒක නිසා දකුණු ඉන්දියානු ධීවරයන් අල්ලන කූඩැල්ලන් මුහුදු මාර්ගයෙන් යාපනය, මන්නාරම, කල්පිටිය වගේ ප්‍රදේශ වල ධීවරයන්ට ලබා දී ලංකාවේ බලපත්‍රලාභී අපනයනකරුවන් හරහා අපනයනය කරනවා. ඒ වෙනුවෙන් බෝට්ටු හිමියන්ට අපනයනකරුවන්ට විශාල කොමිස් මුදලක් ඔවුන් ලබා දෙනවා. මෙය ඉතා හොඳ විදේශ විනිමය උපයන ආදායම් ප්‍රභවයක්...