
(ඉන්දිකා රාමනායක)
සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක මාර්ග බාධක වල රාජකාරි කරන පොලිස් නිලධාරීන්, පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කිරීමේදී ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකළ යුතු බවට පොලිස්පතිවරයා විශේෂ චක්‍රලේඛයක් මගින් උසස් නිලධාරීන් දැනුවත් කර ඇතැයි මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
මාර්ග බාධක වල රාජකාරි කරන පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේදී සහ පුද්ගලයන් පරික්ෂා කිරීමේදී ඔවුන් අපහසුතාවයට පත්වන පත් වන අයුරින් සහ පරිභව වන අයුරින් කටයුතු කරන අයුරු මාධ්‍ය මඟින් වරින් වර ප්‍රචාරය කර තිබූ බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
මෙවැනි ක්‍රියාවන් තුළින් එම පුද්ගලයන් සමාජය ඉදිරියේ අවමානයට ලක්වන අතර එය පොලිසියේ අභිමානයට මෙන්ම කීර්ති නාමයට කැළලක් ඇති වන බවද පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
මින් ඉදිරියට නිලධාරීන්ගේ මෙවන් හැසිරීම් මාධ්‍ය මඟින් ප්‍රචාරය වුවහොත් අදාල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව දුර්වල අධීක්ෂණය යටතේ කටයුතු කරන බවටද පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
ඉතාම හොඳ තීරණයක්... පාරෙ ඉන්න පොලිස් කාරයින් මිනිස්සුන්ට කතා කරන්නේ සතුන්ට කතා කරනවාටත් වඩා අන්තවයි. එ්ක ඔවුන්ගේ ජනම ගතිය නීති දාලා හදන්න පුලුවන් වේවිද සැකයි... පොඩ්ඩක් හොයලා බැලුවොත් ගොඩාක් පොලිසිවල අයගේ දරුවන් මානසික රෝගී දරුවන්... හේතුව ඔබ සිතා බලන්න. ධර්මය අනුව පාරේ තොටේ මිනිසුන් සාප කරන එවා විය හැකිය....
ඉතාම හොඳ අදහසක් පොලිස්පතිතුමා... මේ වෙලාවේ පොලිසිය දැඩි කැප කිරීමක් කරනවා. රට වැසියන් ඒ වෙනුවෙන් ඔබතුමන්ට කෘතඥ විය යුතුයි. ඔබ කියන ආකාරයටම පොලිසියේ සේවාව ඉතාම ගෞරවයෙන් කළයුතුයි. මනුෂ්‍ය බුද්ධියට අගෞරව නොවන ආකාරයට, පරිණත පොලිසියක් ලෙස තම සේවාව ලබාදීම අවශ්‍යයි. මෙහිදි පැහැදිලි කරගත යුත්තේ වසංගතයක් වැනි ජාතික ව්‍යවසයනයක් කළමණාකරණයට අදාල නීතිය තිබෙන්නේ පොලිස් ආඥා පනතේ හෝ දණ්ඩ නීති සංග්‍රයේ නොවන බවත්, එයට ආදාල වන්නේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය (දැනට එහෙම එකක් නැත) බවයි. පොලීසියට හෝ උසාවියට හුරු දණ්ඩනයෙන් වසංගතයක් පාලනය කල නොහැක...
බුද්ධිමත් නිලධාරින් කතා කළොත් කතා කරන්නේ වැදගත්, උගත් කාරණාවක්..
මේක පළවෙනි අවස්ථාව නෙමෙයි. පාරේ ඉන්න රාළහාමිලා ගොඩක් වැඩ කරන්නේ මහජනතාවට පීඩා වෙන විදියට. පොලිස්පති ඇහැ කන් පියාගෙන ඉන්නවා නම් එතුමාත් නිකම්ම මේවාට හවුල්... මහජනයාගේ අයිතිය අපිට දෙන්න. පුලුවන් නම් පොඩි අභියෝගයක් මිනිසුන්ට දීලා බලන්න. පුලුවන් නම් පොලිස්පති තුමා නිකන් මනුස්සයෙක් වගේ ගිහිල්ලා බලන්න... මිනිසුන්ට කොච්චර හිරිහැර වෙනවද කියලා?
පොලිස්පතිවරයෙක් හැටියට ගත් ඉතාමත් වටිනාම තීරණයක්... ඔබතුමා පොලිස්පති වෙලත් ඔබතුමා නොගන්නා තීරණ සහ වැඩ ඔබගේ ගෝලයෝ පොලිස්පති වගේ හිටගෙන කරනවා. ඔබ වැන්නන් තමයි මේ සේවයට අවශ්‍ය...
දැන් පෙරහැර ගිහිල්ලා ඉවරයි. ගොඩදෙනෙකුගේ කණවල් පලලාත් ඉවරයි.
එහෙම දේවල් වෙනවද