
(අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැඟෙන අයුරින් ව්‍යාජ ඡායාරූපයක් සැකසූ පුද්ගලයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.
විදේශගතව සිටිමින් ශ‍්‍රී ලංකාව තුළ විවිධ සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පත්මේ නම් පුද්ගලයා ඇතුලූ පිරිස පසුගිය දා ඉන්දුනීසියාවේදී ශ‍්‍රී ලංකා පොලීසියේත් ඉන්දුනීසියානු පොලීසියේත් ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
එකී අත්අඩංගුවට පත්වූ පිරිස 2025-08-30 දින පස්වරුවේදී ශ‍්‍රී ලංකාවට රැගෙන එන ලදී. එම අවස්ථාවට ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.
එකී මෙහෙයුමට සම්බන්ධ වූ ශ‍්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් සදහා අවශ්‍ය දිරි ගැන්වීම ලබා දීම සදහාත් මෙම මෙහෙයුමට සමබන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තූතිය පළ කිරීම සඳහාත් කෙටි උත්සවයක් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල පරිශ‍්‍රයේදී පැවැත්වූ අතර එම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල,පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහත්වරු සහභාගී වූහ.
එහිදී මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ශ‍්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට හා ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරීන්ට සමරු ඵලක හා ත්‍යාග ප‍්‍රදානය කිරීම අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.
නමුත් මෙම සිදු වීම සම්බන්ධයෙන් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප මෙන්ම ප‍්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු නිරීක්ෂණය විය. ඒ අනුව විශේෂයෙන්ම අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැගෙන ලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
එම ව්‍යාජ ඡායාරූප හා ව්‍යාජ ප‍්‍රවෘත්තීන් දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කර සිටින අතර එකී ව්‍යාජ ඡායාරූප සකස් කර පළ කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වේ.
විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාදකරුවන් හා මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සදහා විශේෂ මෙහෙයුම් වන විට ක‍්‍රියාත්මක වන අතර සත්‍යවූත් නිවැරදි වූත් තොරතුරු පමණක් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තුළ ප‍්‍රචාරණය කරන මෙන් සියලූම මාධ්‍ය ආයතනවලින් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක දූෂිත දේශපාලකයන් වෙනුවෙන් අසත්‍ය ප්‍රචාර කරන ඕනෙම කෙනෙකුට දැඩි දඩුවම් දිය යුතුයි.
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන ලෝකෙම දන්නවා. බොරු සමාජගත කරලා ජනතාව උසි ගන්වන හැම කෙනෙකුට විරුද්ධව නීතීය ක්‍රියාත්මක කළ යුතුමයි...
වීරෝදාර රණවිරුවන් තම දිවි පරදුවට තබා යුද්දය දිනා දුන්නා.රටේවත් හිටපු නැති කපටි ආරක්ෂකයා ලෝකෙටම පේන්ඩ මහ පොළව සිප වැළද ගත්තා.ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා පවුලේ උන්ව කිට්ටූ කරගෙන රටම හොරාකාලා විනාශ කෙරුවා ? උන් එහෙමයි කෙරුවේ?
සිරිසේන, රනිල්, මහින්ද මේ ජනාධිපතිවරුන්ගේ විකෘති කරන ලද ඡායාරූප අනන්තවත් තිබෙනවා. අපහාස උපහාස අනන්තවත් තිබෙනවා. ඒ විතරක් නොවේ ඒ අපහාස උපහාස ප්‍රසිද්ධ මාධ්‍යවලත් පල වෙනවා. එත් ඔය නායකයෝ ඒවා ගණන් ගත්තේ නැහැ. හේතුව ඔවුන් පරිනත මිනිස්සු නිසා. රැල්ලට ගහගෙන ගිය පොල් කෝම්බයන්ට ඉතින් සුළු දෙයක් ඇති රිදවාගෙන පොලිසි යන්න...