(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) පැවසීය.

මෙි ගැන  විවෘත වේදිකාවක කතා කරමු යැයි ඉල්ලා සිටින බවද හරීන් ප්‍රනාන්දු මහතා කීය.

"සරත් වීරසේකර මහතා චෝදනා කිහිපයක් නැගුවා.මා පොලිසියට බයේ රෝහල්ගත වූ බව එතුමා කිව්වා.මා රෝහල් ගත වූයේ  මගේ හදවත් සැත්කම් වෙනුවෙන්.ඕන්නම් පපුව ගලවා පෙන්වන්නම්.එක රටක් එක නීතියක් බලකාය දැන් අල්ලා දෙවියන් මහ මොලකරු බව කියනවා.සාදියාගේ රෙකෝඩින් එකේ කරුණු තියෙනවා.පාස්කු කොමිසමේ  සම්පූර්ණ වාර්තාව සභාගත කරන්නැයි හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.