(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපකීර්තිමත් උපාලි අබේරත්න කොමිෂන් සභාව මේ රටේ ජනතාවගේ මුදල් රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් නැති නාස්ති කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ මුදල් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හෝ උපාලි අබේරත්න ඇතුළු එම කොමිෂන් සභා සාමාජිකයන් තිදෙනාගෙන් අයකර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
ජනතාව රැවටීමට භාවිත කළ මෙවැනි කොමිෂන් සභාව ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කළ යුතු බවද අමාත්‍යවරයා කීවේය. ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති අගමැති උපරිමාධිකරණ විනිශ්චකාරවරුන් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
දූෂිත පුද්ගලයන්ගේ පැමිණිලි බාරගෙන රජයේ නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම මෙම කොමිසමට පැවරී තිබූ බවත් උපාලි අබේරත්න කොමිෂන් සභාවේ නිර්දේශ සියල්ල නීති විරෝධී හෙයින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය පසුව අහෝසි කළ බවත් ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.
අල්ලසට දූෂණයට යට වූ කිසිම අයෙකු තම රජයේ නොමැති බවත් මහජන අභිලාෂයන් ඉටු කිරීමට ජාතික ජන බලවේග රජය උපරිම ධෛර්යයෙන් කටයුතු කරමින් සිටින බවත්
ඔහු වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහජන ආරක්ෂක ඇමති උපාලි කොමිසම පතුරු ගහයි
Perera Friday, 28 February 2025 11:59 AM
ඔය කොමිසමේ මනුස්සයාට පිස්සු පූසා කියන්නේ මොකද?
dasunFriday, 28 February 2025 02:25 PM
ඉස්සර කිව්වේ බැටරි පූසා කියලා...
Rata Perata Friday, 28 February 2025 12:07 PM
උපාලි අබේරත්න කළේ රාජකාරියක් නෙවෙයි, හොර දේශපාලුවන්ගේ පස්සවල් සේදීමක්... මේවා නිවැරැදි කරන්න.