(ඩයනා උදයංගනී)
වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත්.කේ. ජයසිංහ මහතා යළි පත් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (29) පෙරවරුවේ ඊට අදාළ පත්වීම් ලිපිය ජයසිංහ මහතාට භාරදෙනු ලැබීය.
උදිත් කේ. ජයසිංහ මහතා මීට පෙර 2020 වසරේ ඔක්තෝබර් මස සිට 2021 ජූනි මස දක්වා එම ධූරයේ කටයුතු කළ අතර, ඉන් අනතුරුව ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.
පසුව ඔහු එම ලේකම් ධූරයෙන් ඉවත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටේ ඉන්න ටිකකට තමා ඔක්කොම දෙන්නේ... මෙයාගේ නෝනාට කොයි රටේ තානාපතිකමද දීලා තියෙන්නේ? විශ්ව විද්‍යාලවල ඉන්නේ අද අට පාස් නැතුව දේශපාලකයින්ට සර් ගාන අය. ගොඩ එවුන් පිටරට ගිහිල්ලා පී.එච්.ඩී අරං ආපු අය. එකෙකුටවත් වැඩක් බෑ. හොරකම කොමිස් විශ්ව විද්‍යාලවල රජවෙලා. දක්ෂයින් නොවෙයි ආචාර්ය මණ්ඩලයට ගන්නේ. නෑදෑයින්, හිතවතුන්... අධ්‍යාපනයට වෙන්කරන මුදලින් තරු හෝටල් වගේ නිර්මාණ බිහිවෙනවා විශ්වවිද්‍යාල ඇතුළේ... මොරටුව වගේ විශ්ව විද්‍යාලවල මේ තත්වය අඩුයි...
මේ අර සාගත මහාචාර්ය තුමානේද?