
(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ ඉලුප්පුකුලම්හි පිහිටි බොරලු කන්ද රජමහ විහාරයේ සංවර්ධනය මන්ත්‍රි ආර්.සම්බන්ධන්ගේ ඉල්ලීම මත ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා නියෝගයෙන් නැවැත්වීමට එරෙහිව මහා සංඝරත්නය අද විරෝධතාවක නිරත වූහ.
ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරන මහ සංඝරත්නය ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගයේ එක් මන්තීරුවක් වසා විරෝධතාවයේ යෙදිම නිසා ගමනාගමන කටයුතුවලට එක් මන්තීරුවක් පමණක් භාවිතා කිරිමට අවශ්‍ය කටයුතු රථවාහන පොලිසිය සකස්කර දුන්හ.
බොරලුකන්ද පූජාභූමියට වැඩම කළ මහ සංඝරත්නය ප්‍රථමයෙන් රෝපණය කර ඇති බෝ අංකුරය අභියස ආගමික වතාවත් පැවැත්විමෙන් පසු එහි සත්‍යක්‍රියාවක යෙදි අනතුරුව මාර්ගයට පැමිණ මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබුහ.
විරෝධතාවයේ යෙදෙමින් අදහස් දැක්වු මොරවැව මහ දිවුල්වැව ශ්‍රි ඉන්ද්‍රාරාමාධිපති පොල්හේන්ගොඩ උපරතන හිමියෝ පැවසුවේ මෙම ස්ථානයේ පන්සල හැදෙනවාට දෙමළ, මුස්ලිම් අය විරුද්ධ නැහැ.
ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහ සංඝරත්නය මහ පාරට ඇද දැමුවා දැන් මෙහෙම නම් 13 වෙනි සංශෝධනයෙන් පළාත් සභාවලට බලය දුන්නේ නම් හාමුදුරුවන්ට සිය ආගමික කටයුතු සිදුකිරිමට ආණ්ඩුකාරගෙන් අවසර ගතයුතු වෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට ආවත් ආපු දවසේ ඉඳන් කොටින්ට කඩේ යන නායකත්වයක් තියෙන තුරු මෙවැනි ප්‍රශ්න බහුල වේවි...!
කරනවා නම් මෙන්න වැඩ... කෝ කැම්පස්වල සිවුරු දාගෙන දුවන අය? පුළුවන් නම් කොළඹින් වඩින්න මෙහෙට. පෙරට ආව හාමුදුරුවෝ එක්ක අපිත් එනවා මැරෙන්න හරි... ජාති, ආගම් භේදයකින් තොරව සියවස් 20කට පෙර පැවැති තත්ත්වය ලෝකඋරුම හැටියට සලකා කටයුතු කිරීම... හැම ජන වර්ගයකම වගකීම්... අද කවුරු හිටියත් අතීත උරුම නැති කරන්න හිතන්න එපා. එහෙම නොවූනොත් ගෝරි ගොඩයි.
මේ සේරටම රනිල් වගකිවයුතුයි. රාජපක්ෂවරු බලයට ගෙනඒමට කාලය එළඹ ඇත...
බුදු සසුනට හානිකර සිදුවීම් වලදී මහ නායක හිමිවරු නිහඬව සිටින්නේ මන්ද?
අනුරාධා යහම්පත් ඉන්න කාලේ දෙමළ, මුස්ලිම්, සිංහල සියළුදෙනා ගැටලුවක් නැතුව හොඳින් හිටියා... කුණුගොඩ අවුස්සන්න හෙංචයියෙක් ගෙනත් දැම්මා... ඊළඟට මහින්දලට බලේ දෙන්න... මිනිස්සු හොරු ගැන අවදියෙන්...
ඇයි බුදු සමයේ මහනායකවරු නැද්ද? මේවාට නිහඬ ඇයි?
රාජ පරම්පරා 5 සිටි වඩුග වික්‍රම රාජ සිංහලා ගේ ජානවලින් හැදුන කෙනෙක් අද ලංකාව පාලනය කරනවා පෙනේ. සත්‍යග්‍රහ කරලා පලක් නැහැ. හාමුදුරුවනේ සිංහල ආණ්ඩුකාරයින් පාලනය කළ උතුරට වතු දෙමළෙ ආණ්ඩු කාරයෙක් පත් කිරීමට විරුද්ධව බෞද්ධ ජනතා මතයක් ගොඩ නගන්න. උතුරට දෙමළ ආණ්ඩුකාරයෙක් පත්කිරීම දෙමළුන්ට ස්වයං පාලනයක් දුන්නා හා සමානයි. අපි මේ වඩුග පාලකයෝ පන්නා දමමු.
වඩුග පාලනය නැවත බිහිවෙලා...