(ඩයනා උදයංගනී)
මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 14 ක් සිදුවී තවත් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
රත්නපුර, පුත්තලම, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇත.
ගං වතුරේ පිහිනීමට, ඔරු හා ටයර් පැදීමට ගිය කිහිප දෙනකු ද මරණයට පත්ව ඇති අතර ගං වතුරේ එවැනි ක්‍රියාකාරකම්වල නොයෙදෙන ලෙස ජනතාවට දැනුම්දීමක් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක 2,45,212 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද අපේ හාමුදුරුවනේ මේ රටට වුණේ?