
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) අනාවරණය කළේය.
ඔවුන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගත්තේ මෙවැනි තත්වයක් තිබියදී බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ කටයුතු කිරීම හරිදැයි ප්‍රශ්න කළේය.
කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ කතාව තවමත් නිවැරදිවී නැති බවයි.
ශ්‍රී ලංකා රජයෙන් විතැන් වී ඇති ආයතනයක් ලෙස සලකා මහ බැංකුව කටයුතු කරන්නේ නම් ඒ සිතුවිල්ල වහාම ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මේක පඩි වැඩි කරගැනීමට වැඩි බරපතළ ප්‍රශ්නයක් බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් මහ බැංකු කලේ මුදල් අච්චු ගැසීම පමණයි. එච්චරයි. මේ තත්වය උඩ මහ බැංකුව පවත්වාගන යන එකත් තේරුමක් නැහැ. හරියට අපේ තානාපති කාර්යාලයවල් වගේ.
මේ අස්සෙ ඔබතුමන්ලා පර්මිට් ඉල්ලන එකත් හරිද? ඇයි ඒ ගැන කතා කරන්න දිව නැමෙන්නෙ නැත්තෙ? ඒවගෙන් කෝටි 100 නෙවෙයි 100කටත් එහා රටට අහිමි වන බව බැරිඅල්ල ඇමැති තුමාලට නොතේරෙන්නෙ ඇයි?
විදුලි බලය පාඩු විඳින්න බෑ. ජලයෙන් පාඩු විඳින්න බෑ කියන මහ බැංකුව පාඩු විදට කමක් නෑ. ඒ ගොල්ලන්ගේ පඩි වැඩි කරන්න ඒකට කමක් නෑ
තමන්ගේ සේවකයින් මහ පඩි දෙන... ජනතාවට මහා බර පටවන... මහා පාඩු ලබන මහ බැංකුව...