
(විමුක්ති එස් රුද්‍රිගු)
මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකුවේදී අද පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදි ලාබ පාඩු ලැබිය හැකි බවත් වැදගත් වන්නේ ලාබ ලැබුවාද පාඩු ලැබුවාද යන්න නොව ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වූවා ද යන්න බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
මහ බැංකුව පාඩු ලැබූ වර්ෂ මෙන්ම ලාබ ලැබූ වර්ෂද තිබූ බවත් පසුගිය වසරේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දිනකදී රුපියල් බිලියන 600 ක පමණ පාඩුවක් මහ බැංකුවට සිදුවූ නමුත් ඉන් ජනතාවට යහපතක් වූ බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
මහ බැංකුව පාඩු ලබන අසාර්ථක ආයතනයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රවරයෙකු කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධව අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් පළ කළේය.
මේ වනවිට රජය සහ බැංකු ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හේතුවෙන් රටේ යම් කිසි ආකාරයක සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවී තිබෙන බවත් කෙටිකාලීනව ළඟා කරගත් එම ස්ථාවරත්වය දීර්ඝ කාලීනව පවත්වාගෙන යා යුතු බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
කුමන රජයක් පැමිණියද මෙම ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යා යුතු බවත් එසේ නොවූහොත් නැවැත ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් මතුවනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යායුතුයිලු ...මොනවාද ප්‍රතිපත්ති ? රටේ මිනිස්සුන්ට බදු ගහමු " කියලා අයිඑම්එෆ් එකට යෝජනා කරපු එකද ? නැත්නම් " කාරවත් හොරෙන් අපි කට්ටියගේ පඩි 70%න් වැඩිකර ගැනීමද ?ලැජ්ජයි.. හලෝ .අපිට නොදන්වා මුන් රටම කාටහරි විකුනලාද කියලා කවුද දන්නේ.හැබැයි ..තමුන්ලගේ අනාගතයනම් එතරම් ලස්සන නැහැ.
සමහර දූෂිත දේසපාලුවන්ට මහ බැංකු හොරු කියන්නේ ඇයි ? නොදන්න හින්දයි ඇහැව්වේ?
ඔයාලට විතරයි පඩි වැඩි වෙන්න ඕනා කියල හිතන් ඉන්න එකෙකුගේ ප්‍රකාශවත් කියවන්න හිතෙන්නේ නැහැ.අප්‍රියයි.බණ කියන්න විතරයි දන්නේ.
ලාභ වුණත් පාඩු වුණත් අපි පඩි වැඩි කරගත්තා... අපේ සාක්කුව පිරිලා ඉතිරිලා ... හා හා නේද
නන්දෙ පිස්සු එහෙම කෙලින්ඩ එපා අපි දැනට ගෙවන බදූ හෝදටම ඇති මයි දෙයියො.
ඔව් ඔව් ඕකේ ඉන්න එවුන්ට ඕකෙන් ලාභ ගන්න
අයිඑම්එෆ් පාඩු ලබන නිසා ප්‍රතිව්‍යුහගත කරන්න කිව්වේ නැද්ද?
ඕකට හොද කියමනක් තියෙනවා "ලෙඩා මැරුණත් බඩ සුද්දයි" කියලා. එහෙම වෙන්න බැහැ. වගකීම අරන් වැඩ කරන්න. ප්‍රතිපත්ති සමාලෝචනය කිරීමත් ඒවා සමාජයට සහ රටට, ස්වභාවදර්මයට යහපත් වන අයුරින් වෙනස් කර ක්‍රියාත්මක කිරීම වගකීමක්.ඒ අයුරින් ප්‍රතිපත්ති සකස් කිරීමයි වැදගත්. ඕන දෙයක් වෙද්දෙන් කියලා කරන්න බෑ. මැනලා පෙන්වන්න පුලුවන් වෙන්න ඔ්නා ජනතාවට සිදු වුන යහපත එහෙනම්, මහ බැංකුව පාඩු ලබලා.
සීයයට තුන් හාරසීයයකින් පඩි වැඩිකර ගත්තේ ඒක නිසා වෙන්න ඇති.
ඔය කතා කරන්නේ රනිල් වෙනුවෙන්ද?
ඔක්කොම කයිවාරු කාරයින් විතරයි. රට ගැන, ජනතාව ගැන හිතලා වැඩකරන කවුරුවත් නෑ...