IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මහා බැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව 2024 මහා බැංකු වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාවේ සඳහන් වන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය  ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත අද පිළිගැන්වීය.

මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික  පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි  ප්‍රගතිය එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බව ජනාධිපති කාර්යාලය කියයි.

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේදී වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වීය.

වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024, සාර්ව-ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විතය.

මෙම සමාලෝචනයට අනුව, වසර දෙකකට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව, 2024 වසරේදී සැලකිය යුතු ලෙස යළි යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකය, අභියෝග මධ්‍යයේ වුවද, ණය බරින් පීඩාවට පත් අනෙකුත් බොහෝ රටවලට වඩා වැඩි වේගයකින් යළි යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස ඇත. මෙම වාර්තාවේ සඳහන් ප්‍රධාන ධනාත්මක දර්ශක අතර ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු වීම, ක්‍රය ශක්තිය පාර්ශ්විකව හෝ ප්‍රතිෂ්ඨාපනය වීම සහ අවිනිශ්චිතතාවෙහි අඩුවීම යනාදිය වේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ. එම්. ඒ. එන්. දවුලගල, සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය එස්. ජෙගජීවන් සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය සහ ආචාර්ය වී. ඩී. වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

 



අදහස් (6)

මහා බැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි

යෝගා Monday, 07 April 2025 02:48 PM

2024 අග වෙනකොට රනිල් ගොඩගත්තු රට නැවතත් ප්‍රපාතයට තල්ලුවෙමින් පවතිනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය එකක්, කරන්නේ හාත්පසින්ම විරුද්ධ දේවල්. දැනටමත් පුනරුදය කනපිට ගහලා...

:       6       14

කව්ද බෝයි Monday, 07 April 2025 03:38 PM

රට මොන ප්‍රපාතයකට ගියත්, පුනරුදය මොනපිටක් ගැහුවත්, රටේ ජනතාව හොරු-තක්කඩින්ව ආපහු බලයට ගේන්නේ නම් නෑ. ඒක සහතිකයි.

:       10       5

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 07 April 2025 03:39 PM

ජනාධිපති වුණාම හිරේ දානවා කියපු මහා බැංකු අධිපතියි, භාණ්ඩාගාර ලේකම් එක්ක එකට ඉන්න බය හිතෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ලැජ්ජා නැද්ද ලප කුමාර...?

:       1       11

Janitha Monday, 07 April 2025 11:18 PM

"මම හිතන්නේ මේක ඉස්සර ගත්ත ෆොටෝ එකක්. අනුර ආවට පස්සේ නන්දලාල්ලව ඇතුළට දැම්මානේ . අනුර ට්‍රම්ප් වගේමයි — කියපු දේවල් ලෙසටම කරා!"

:       0       1

Kawda boie Monday, 07 April 2025 11:23 PM

දැනෙන්නේ නම් නෑ පුතී

:       0       0

Wanasinha Tuesday, 08 April 2025 12:03 AM

කවුද බෝයි ,වහල්කම කියන්නේ ඒකට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site