IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මහා බැංකු ලොක්කෝ හෙට කැබිනට්ටුවට

(සුජිත් හේවාජුලිගේ )

වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීහු හෙට ( 4) කැබිනට් මණ්ඩලය හමුවට කැඳවෙති.

මෙයට අමතරව මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකුවේ ප්‍රධානීන් හෙට( 5) පක්ෂ නායක රැස්වීම සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවටද කැඳවීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට මහ බැංකුවේ ප්‍රධානීන් කැඳවෙන්නේ හෙට පෙරවරු 10.30ටය.

ඉන්පසු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට එම ප්‍රධානීන් හෙට පෙරවරු 11.30 ට කැඳවෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මහා බැංකු ප්‍රධානීන් මුදල් කාරක සභා රැස්වීමට කැඳවීමට පෙර පක්ෂ නායකයන්ගේ රැස්වීමට කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් දැනටමත් විරෝධය පළ කර ඇත. විරෝධය පළ කළ පිරිසේ ඇමතිවරු පිරිසක්ද සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මහ බැංකු නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම පාර්ලිමේන්තුව මෙතෙක් අනුමත කර නැති බවයි.

ඔවුන් එලෙස වැඩි කර ගැනීම සදාචාරාත්මක නොවන සිද්ධියක් බව හෙතෙම පෙන්වා දෙයි.

 



අදහස් (11)

මහා බැංකු ලොක්කෝ හෙට කැබිනට්ටුවට

රංබොඩ Sunday, 03 March 2024 07:56 PM

මේකට නියම කතාවක් පාර්ලිමේන්තුවේ කියැවුණා. මහ බැංකුව මළ ගෙදර බූරු ගහනවා.

:       0       0

Kithsiri Sunday, 03 March 2024 08:11 PM

ගහට ගහක් මොරටුවේදී හම්බවෙනවා කියන්නේ ඕකට තමයි.

:       0       0

චන්දන Sunday, 03 March 2024 08:17 PM

මහ බැංකුවේ අය සාධාරණීකරණය කරන්න කියන කරුණු සියල්ලම සෑම රාජ්‍ය සේවකයින්ටම අදාලයි. එහෙම නම් සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් 70% කින් වැඩි කළ යුතුයි.

:       0       1

WCA Sunday, 03 March 2024 08:34 PM

අනෙක් අය රට යනවා කියලනේ මේ අය ඔහොම වැඩි කරේ. කාකාස අයටත් ඒ වගේ වැඩිකරේ මොකද කියලා ඔවුන්ගෙන් අහන්න ඕනේ. මේක තනිකර බොරුවක්... මේ හදන්නේ කාලේ කාලා ඕක යටගහන්න. ඕක රිවස් වෙන්නෙත් නෑ රට ගිය කෙනෙකුත් නෑ.

:       0       0

නිර්මල Sunday, 03 March 2024 10:02 PM

රටේ උද්ධමනය අඩු කළා කියපු නඩය උද්ධමනය නිසා පාඩු වැඩි කරගෙන.

:       0       0

Rohana Sunday, 03 March 2024 10:17 PM

මෙය හුදෙක් විස්තර කිරීමකට සහ සාකච්ඡාවකට පමණක් සීමාවනු ඇත. එතැනින් එහාට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත නොහැකිවනු ඇත...!

:       0       0

Perera Monday, 04 March 2024 06:16 AM

මැති ඇමැතිලගේ පඩිත් වැඩි කළා නම් ඔය කැඳවීම් මුකුත් නෑ.

:       0       0

ranjith Monday, 04 March 2024 06:27 AM

රටේ අහිංසක ජනතාවගේ මහජන මුදල් මේවා...!

:       0       0

sam Monday, 04 March 2024 06:31 AM

වර්තමාන මහබැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය අනුව ඔහුට ලැබෙන්නා වූ මාසික වැටුප ලක්ෂ 4කි. ඒ අනුව නියෝජ්‍ය අධිපතිවරුන්ටද decent වැටුපක් ලැබෙනවා ඇත. මේ වනවිට රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක 70% වැටුප් වැඩිවීමක් ඔවුන් ඉල්ලා සිටීම රටේ පුරවැසියන්ගේ පාර්ශවයෙන් එය මවිතයට දක්වන කාරණයක් සහ මෙවැනි ආර්ථික අපහසුතාවයන් මතුවූ අවස්ථාවක මහබැංකුවේ නිලධාරීන් වැටුප් සියයට හැත්තෑවකින් වැඩිකර ගැනීමට ඉල්ලා සිටීම ප්‍රචාරය සත්‍යයක් නොවන්නට පුළුවනි. රුපියල් 40000 ක මාසික වැටුප් ලබන පුරවැසියන් පවා සිටිනා රටක නිලධාරීන් 70% වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින්නේ නම් එය ඔවුන් විසින් නැවත සලකා බැලිය යුතු කාරණයකි.

:       0       0

Lalla Monday, 04 March 2024 07:57 AM

වැඩි පඩි නැතිනම් අස්වෙනවා කියයි. එපමණයි. ඔවුන් ගන්නේ ලොව දියුණු රටවල සමාන රැකියාවලට දෙන වැටුප... ගතෙන් මිස හිතෙන් ලංකාවේ වාසය නොකරන සේවකයෝ. රටට ඵලක් නැත.

:       0       0

Rohana Monday, 04 March 2024 09:38 AM

කවුරු ළඟට ගියත් කවුරුන් ප්‍රශ්න කළත් අනුමත කළ වැටුප්වල වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 188 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2070 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site