(විශේෂ වාර්තාකරුවකු විසිනි)
අවුරුදු පහළොවක් පමණ වයස පාසල් සිසුවකු වසරකට ආසන්න කාලයක් තිස්සේ සිට වරින් වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන මාරවිල පොලිස් වසමේ පිහිටි කතෝලික දේවස්ථානයක මිසම භාර පියතුමකු අත්අඩංගුවට ගැනීමට මාරවිල මූලස්ථාන පොලිසිය පුහු පරීක්ෂණ පවත්වාගෙන යයි.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම සැකකාර පියතුමා සැඟව සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම සැකකාර පියතුමා රටින් පලා යෑමට උත්සාහයක් තිබෙන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට මෙම සිද්ධියට අදාළව තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර පියතුමා රටින් පලා යෑමට පැමිණියොත් අත්අඩංගුවටගන්නා ලෙසට නියෝගයක් ලබා ගෙන එම නියෝගය ආගමන විගමන පාලකවරයා මගින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි ද ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
බරපතළ ලිංගික අපයෝජනයන්ට ලක් වූ බව කියන මෙම බාලවයස්කාර සිසුවාගේ මවුපියන්ට මේ බව දැන ගැනීමට ලැබීමෙන් පසු දරුවා ද කැටිව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා හමුවට ගොස් පැමිණිලි කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.
පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ සම්බන්ධයෙන් මාරවිල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුවෙන් මාරවිලෙන් පැන්නොත් නම් ඉතාලියටම තමයි.
කාදිනල් සරණ ගිය කවුරුත් එකයි
එයාලට පුළුවන් නම් අපිට බැරි මොකෝ.....
මේ රටවලටත් ඔය වගේ සිද්දීන් ඕන තරම් වෙනවා.ලංකාවේ සිද්ද වෙන්නේ අප්රසිද්ධියේ ,කවුරුවත් කියන්ඩ කැමති නැහැ .
පන්සල මොකද පල්ලිය මොකද .... පූජ්‍ය පස්සය
සම හරක් ජපානේ ගිහින් නානවා තවත් සම හරක් මෙහේදීම නාගන්නවා. මේක දැන් අපේ සමාජයේ සාමාන්‍ය අංගයක් වීගෙන එන්නේ. මොකද අප දැන් සිටින්නේ මේවා නීතිගත කරන්න දඟලන සමනළ පාලනයක නේ. ඒක නෙමෙයි මේ පූජකවරයා අරඟලයට සම්බන්ධ කෙනෙකු බව තවම නොකියන්නේ ඇයිද දන්නෑ නේද?..
අහෝ "කතොලික සභාව"...!!! අහෝ දෙවියන්වහන්සෙගේ මිදි උයන සේවය.....
අම්මෝ!! ඒ නිවුස් එක දැක්කාම හිතට එන මාර ජොලියකියල වැඩක් නැහැ....? දැන් ඉතින් දෙපැත්ත බැලන්ස්... හොඳ වෙලාවට කවුරුවත් වීඩියෝ කලේ නැත්තේ... නැත්නම් ඉතින් උන්ට හිරේ ලගින්න තමයි වෙන්නේ... පල්ලියේ හෝ ෆාදර්ගේ නමකුත් නැහැ.. ඒ නිසා, කාදිනල් තුමා ඇතුළු සියලුම කතෝලික ෆාදර්ලාගේ පලු අරින්න පුළුවන් අපිට... ඒ මදිවට, ඉතාලියේ ලැගගෙන ඉන්න පිංගුත්තර කල්ලියේ කාපු පතේ පහරන අපතයෙක් මාරවිල වෙන්නප්පුව ජනතාවටත්, හින්ට් එකක් පාස් කරලා..කාපු පතේ පහරන ඒ ලෝකල් ඉතාලි කාරයා දන්නේ නැහැ, ඌ ඉතාලියට පය ගැහුවේ මාරවිල වෙන්නප්පුවේ මිනිස්සුන්ට පින්සිද්ධ වෙන්න කියලා. මොනා උනත්, නියමයි බන්, අපි තරගෙට දරුවන් දුෂණය කරන එකට දෙපැත්ත බෙදිලා හුරේ දාමු... නියමයි!!!