IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


මවන්න බෑ: රට හදන්න කල් දෙන්න

(සුජිත් හේවාජුලිගේ)

රට හැදීමට යම් කාලයක් අවශ්‍ය බවත් විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා මෙන් මවන්න බැරි බවත් නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා සඳහන් කළේය

ජාතික ජන බලවේග ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ ආර්ථිකය නැවතුණු රටක් යයිද  ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අවුරුදු 76ක්ම කිසිඳු ආණ්ඩුවක් ආර්ථිකය නැවතිලා බාර ගත්තේ නැහැ. රට හදන්න අපට  කල් දෙන්න. විස්ව  කර්ම දිව්‍ය පූත්‍රයා වගේ මවන්න බෑ. ඒවා නිකං සුරංගනා කතානේ



අදහස් (10)

මවන්න බෑ: රට හදන්න කල් දෙන්න

යෝගා Thursday, 31 July 2025 01:46 PM

කොච්චර කල් දුන්නත් කැපෑසිටියක් නැත්නම් රට හදන්න බෑනෙ. පේනවනේ ලොක්කයි ඇමති කට්ටුවයි හාන හෑවිල්ල.

:       39       49

අන්_ර Thursday, 31 July 2025 01:51 PM

රට හදන කතා කියවන්න එපා මනුස්සයෝ, එතකොට මිනිස්සු ඔය ගැන නිතර අහයි. මේ අවුරුදු කීපයත් හොරු අල්ලනවා කිය කිය ඉමු.

:       7       19

රනේ Thursday, 31 July 2025 02:06 PM

රට ඉබේම හැදෙයි. හොර තක්කඩ් ටික අයින් කරන්න. සමාදානය නැතුව මුකුත් බෑ.

:       9       11

පන්සළු Thursday, 31 July 2025 02:20 PM

කොරෝනා එක්ක ආපු අර්බුදය සමඟ NGO සහ මලිමා නඩය එකතුවෙලා ර⁣ටට කරපු හානියෙන් රට යම් තරමක් ගොඩ ගත්තේ රනිල් මහතා සහ මහබැංකුව එකතු වෙලා. ඒ ගොඩදාගෙන ආපු රට තමයි රැල්ලට යන අපේ ජනතාව පච ලොරි ගණන් ගිලලා මෙයාලාට බාරදුන්නේ. වැටිච්චි රටක් නොවෙයි බාර ගත්තේ...

:       17       22

ජයරත්න Thursday, 31 July 2025 02:37 PM

මවනවා කියලා විතරයිද මන්දා නොකීවේ?

:       5       19

කපුරුහාමි Thursday, 31 July 2025 02:53 PM

දූෂිතම පවුල් පාලන ආණ්ඩුවක් මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු රටක් කිව්වේ නම් ආසියාවෙ ආස්චර්‍ය කරනව කියලා . ජනතාව රවට්ටලා ,රටත් බංකොලොත් කෙරුවා .ඔය කියන තරම් ලෙහෙසියෙන් රට ගොඩ දාන්ඩ බැරුවා‍. අදූෂිත ජනතාවාදී ආණ්ඩවෙන් ජනතාවට යහපතක් වේවී .

:       15       18

Perakum Liyanagama Thursday, 31 July 2025 03:07 PM

කෝ ඉතිං කැපෑසිටි තියන අය කෙරුවාද ඕනෑකමක් තියන බව නම් පේනවා ඒ නිසා ටිකක් කල් දීලා බලමු...!

:       14       14

sene Thursday, 31 July 2025 03:10 PM

ආර්ථිකය නැගී එන රට බාරගෙන එම නැගීම ඔබලාගේ නොදැනුම සහ වැඩපිළිවෙළක් නැති නිසා ඉදිරි ගමන නැවතුණා.

:       6       21

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 31 July 2025 04:23 PM

අපේ කට්ටියට දීලා තිබිච්ච කාලේදී නම් ඕනෑවටත් වඩා රට කන්න කැපෑ සිටියක් තිබ්බා. තව ටික කාලයක් දුන්නානම්, ලංකාව කියන දුපත ලෝක සිතියමෙනුත් ඉවත්කරලා තමයි පස්ස බලන්නේ

:       15       9

Roshan Thursday, 31 July 2025 08:49 PM

එනකොට ආවෙ එක පෑන් පාරෙන් කරනවා.... පෝය දෙකෙන් කරනවා..... පැය 24න් කරනවා කියලා කියලා නේද?

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 135 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 283 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 629 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site